
(තිස්ස කොටින්කඩුව)
කදාන පොල්පිති මුකලාන ව්‍යාපාරිකයකුට අයත් නිවෙසකට යතුරු පැදියකින් පැමිණි නාදුනන තුවක්කු කරුවකු පිස්තෝලයකින් වෙඩි තබා පලා ගොස් ඇතැයි පොලිසිය කියයි.
මෙම සිද්ධියෙන් නිවෙසේ විදුරු ජනෙල් දෙකකට අලාභ හානි සිදුව ඇතත් කිසිම ජීවිත හානියක් සිදුව නැති බව පොලිසිය පවසයි.
අදාල නිවසේ හිමිකරු තිදරු පියකු වු 38 හැවිරිදි ව්‍යාපාරිකයා පස් සහ යකඩ ද්‍රව්‍ය මිළදී ගැනීම හා විකිණීමේ ව්‍යාපාරයේ යෙදෙන ප්‍රසිද්ධ අයකු බව විමර්ශනයේදී හෙලිව ඇත.
මීට දින කීපයකට ඉහත තමන්හට විදේශ රටක සිට ජංගම දුරකතනයක් මාර්ගයෙන් රුපියල් කෝටියක කප්පම් මුදලක් ඉල්ලා තර්ජනාත්මක පනිවිඩයක් ලද බවත් එය තම ව්‍යාපාරික මිතුරකු හරහා ලැබී තිබුණ බවත් විමර්ශනයේදී ඔහු විසින් සදහන් කල බව පොලිසිය පවසයි.
මේ අවස්ථාවේදී තමා එම ඉල්ලීම එකහෙලා ප්‍රතික්ෂේප කර සිටි බවද පැමිණිල්ල ඉදිරිපත් කරමින් ව්‍යාපාරිකයා වැඩිදුරටත් සදහන් කොට ඇති බවද පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
240
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
175
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
981
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කෝටියේ වන්දිය නොදුන්නැයි වෙඩි තියලා
සෙනෙවිරත්න Thursday, 05 October 2023 05:48 PM
කප්පමට වන්දිය කියන්න ගත්තෙ කවද ඉඳලද?
Jay Thursday, 05 October 2023 06:21 PM
කප්පම් සහ වන්දි අතර වෙනස සංස්කාරක නොදන්නේ මන්දැයි මම නොදනිමි