
(යොහාන් භාසුර)
කොළඹ 6, රාමක්‍රිෂ්ණ පාරේ පවත්වාගෙන යන හෝටලයක් නවීකරණය කර පවත්වාගෙන යෑම සඳහා යෙදවූ රුපියල් කෝටියකට අධික මුදල උපයාගත් ආකාරය පිළිබඳව පරීක්‍ෂණයක් ක්‍රියාත්මක නිසා එම හෝටලය සහ එහි භෞතික සම්පත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ, නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය භාරයට අද (7) ගෙන තිබේ.
බොරලැස්ගමුව ප්‍රදේශයේ පුද්ගලයෙක් එම හෝටලය පවත්වාගෙන යන බවත් එම පුද්ගලයාගේ පියා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වීම නිසා ඔහු ඉපයූ මුදල්වලින් මෙම හෝටලය පවත්වාගෙන යන්නේ යැයි විශ්වාස කළ හැකි සාධාරණ හේතු ඇති බවත් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ සහකාර අධ්‍යක්‍ෂ (»») සහකාර පොලිස් අධිකාරී ඒ. කේ. වයි. දහනායක මහතා එහි හිමිකරුට දැනුම්දී තිබේ.
ඒ අනුව එම දේපළ කිසියම් තැනැත්තෙකුට විකිණීම, පැවරීම හෝ වෙනත් ක්‍රියාදාමයක් කිරීම තහනම් බව වැඩි දුරටත් දැනුම් දී තිබේ.

2025 දෙසැම්බර් මස 18
300
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
198
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
996
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කෝටියක් යොදා අලුත් කළ හෝටලය සී.අයි.ඩිය භාරයට
Prabha Friday, 07 October 2022 06:54 PM
කිසිදාක රැකියාවක් නොකර කුමාර ජීවිත ගතකරන කට්ටියක් ගැන රටම දන්නවා. පැමිණිල්ලක් කළොත් හොයලා බලනවද?
Pradeep KumaraFriday, 07 October 2022 10:24 PM
අපොයි පැමිණිලි කරන්න එපා. දැනටම රිදුණු කීපදෙනෙක්ම ඉන්නවා වගේ. ඩිස්ලයික් වලින්ම පේනවා.
Vipula Saturday, 08 October 2022 09:24 PM
What about Rajapaksha family. Is anyone going to take any action.
Msae Saturday, 08 October 2022 11:10 PM
ඔය වගේම අයථා ලෙස මුදල් රැස්කර දේශපාලුවන් ගැන විමර්ශණ කෙරුවත් හොඳ නැද්ද?