IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


කෝටියක බඩු ගුවන්තොටෙන් පන්නලා

(ටී.කේ.ජී.කපිල)

රුපියල් කෝටියක් වටිනා ලැප්ටොප් පරිගණක , ජංගම දුරකථන සහ උපාංග ඇතුළු විද්‍යුත් සන්නිවේදන උපකරණ තොගයක් තීරු බදු නොගෙවා කටුනායක ගුවන් තොටුපොළෙන් රැගෙන ආ ව්‍යාපාරිකයන් දෙදෙනකු  ගුවන් තොටුපොළ පොලිසිය  අත් අඩංගුවට ගෙන තිබේ .

මේ පිළිබඳ කොට්ඨාස බුද්ධි අංශය විසින් කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය වෙත තොරතුරු ලබා දී තිබූ අතර මෙම ව්‍යාපාරිකයන් දෙදෙනා ගුවන් තොටුපොළ සියලු පරීක්ෂණ මග හැර මෙම භාණ්ඩ තොගය ගුවන් තොටුපොළෙන් පිටතට රැගෙන යමින් සිටියදී ගුවන් තොටුපොළ පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු විශේෂ පොලිස් නිලධාරීන් පිරිසක් පැමිණ මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබේ .

මෙම ව්‍යාපාරිකයන් දෙදෙනා සිය ගමන් මලු තුළ මෙම විද්‍යුත් සන්නිවේදන උපකරණ තොගය සගවා නොගෙන , ගුවන් තොටුපොළ භාණ්ඩ ප්‍රවාහනය සදහා ඇති " ට්‍රොලි " කරත්ත තුළ අසුරා ගෙන ගුවන් තොටුපොළෙන් පිටතට පැමිණි බව ගුවන් තොටුපොළ පොලිසියේ ප්‍රකාශකවරයෙක් පැවසීය .

 



අදහස් (1)

කෝටියක බඩු ගුවන්තොටෙන් පන්නලා

Bamunuarachchi Wednesday, 13 December 2023 06:34 AM

බඩු එලියට ගෙනාපු විදිහ කියන විදිහටද සිද්ද උනේ? බඩු ගමන් මලු වල නොදමා ට්‍රෝලියේ හංගන්නේ කොහොමද? නැහැ ඇතුලේ සපෝට් එකක් තිබිල තිබෙන ව. බඩු ටික බෙදා ට්‍රෝලි කීපයක දමාගෙන පොටර්ලා මගින් green channel එකේ ආවද?

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 56 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 132 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 932 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site