IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


කාටූන් රටක නිදහස පෙන්වන කැඩපතක්

(අංජුල මහික වීරරත්න)

ප්‍රජාතන්ත්‍රවාදයේ කොටසක් වන     කාටූන්  නිර්මාණ තුළින් එම රටේ ස්ථාපිත වී ඇති නිදහස පෙන්නුම් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ඒකාධිපති රජ්‍යයක කිසිදු අවස්ථාවක නිදහස් කාටූන්  නිර්මාණ බිහි නොවන බව කී ජනාධිපතිවරයා සාපරාධී අපහාස නීතිය ඉවත් කිරීමට ලැබීම පිළිබඳව තමා නිහතමානීව ආඩම්බර වන බව ද සඳහන් කළේය.

ඉකුත් අර්බුද සමයේ  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ භූමිකාව මෙරට කාටුන් ශිල්පීන් දුටු අන්දම එක් කර පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා විසින් සම්පාදනය කළ  “Press Vs. Prez” කෘතිය එළිදැක්වීමේ අවස්ථාවට සහභාගී වෙමින් ජනාධිපතිවරයා මේ බව කීය.

කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී පොත එළිදැක්වීම  සිදු කෙරිණි

පසුගිය කාලයේ  රජය අසීරුවෙන් ගෙන ගිය වැඩපිළිවෙළ හේතුවෙන් අද රටේ ආර්ථිකය ධනාත්මක තත්ත්වයකට ගෙන ඒමට හැකි වී තිබෙන බව සඳහන් කළ ජනාධිපතිවරයා අද අප රටක් ලෙස ගත කරමින් සිටින්නේ අසීරු කාලයේ අවසන් කොටස බව ද පැවසීය‍ෙ

අසීරු සමයක, සිතට සතුටක් ගෙන එමින් කාටූන්  නිර්මාණ කළ  ශිල්පීන්ට ස්තූතිය පුද කරන බවද  ජනාධිපතිවරයා මෙහිදී කීය.

ෙඅග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, කථානායක මහින්ද යාපා අබේවර්ධන, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ,මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්ම මහත්මීහු ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

(ඡායාරූපය:-ළහිරු හර්ෂණ)



අදහස් (1)

කාටූන් රටක නිදහස පෙන්වන කැඩපතක්

Prabha Friday, 08 March 2024 03:17 PM

ඕකට සහභාගි වුණ කාටූන් ශිල්පීන්ගේ නම් දැම්මානම් නේද වටින්නේ...?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 301 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 200 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 997 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site