(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
කටාන ප්‍රදේශයේ පොල් තෙල් මෝලක සේවකයින් අතරින් කොරෝනා ආසාදිත වූ 18 දෙනෙකු ගේ ජෛව සාම්පල සම්බන්ධයෙන් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සිදුකළ වැඩිදුර පරීක්ෂණයකදී එක් අයෙකු ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතයකු බව හෙළිවී ඇතැයි කටාන පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක කේ ඒ යූ ටී කුලතිලක මහතා ඊයේ 19 පැවසීය .
ඉකුත් දිනක මෙම පොල් තෙල් මෝලෙහි සේවක පිරිසේ 29 දෙනෙකු සඳහා පී සී ආර් පරීක්ෂණ පවත්වා ඇති අතර ඉන් 18 දෙනෙකු කොරෝනා ආසාදිත බව හෙළි වී ඇත. සේවක පිරිසේ සියයට පනහකටත් වැඩි පිරිසක් මෙසේ කොරෝනා ආසාදිත වීම හේතුවෙන් ඔවුන්ගේ ජෛව සාම්පල වැඩිදුර පරීක්ෂණ සඳහා ජයවර්ධනපුර රෝහල වෙත යොමුකර තිබේ.
එහිදී සිදුකෙරුණු පරීක්ෂණවලදී එක් අයකු ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත වී ඇති බව හෙළි වීමෙන් පසු එම සියලු සාම්පල තවදුරටත් පරීක්ෂා කිරීම සඳහා බොරැල්ලෙ වෛද්‍ය පර්යේෂණාගාරය වෙත යැවීමට කටයුතු කර ඇත.
මෙසේ ආසාදිත වූ 18 දෙනා මේ වන විට මූලික සුවය ලබා නිවෙස් වලට පැමිණ සිටින බව ද ඔවුන් මෙන්ම ඔවුන්ගේ පවුල්වල සියලු දෙනා ද යළි පී සී ආර් පරීක්ෂණ සඳහා යොමු කර එම සාම්පල් වෛද්‍ය පරීක්ෂණ ආයතනය වෙත යැවීමට කටයුතු කරන බවද පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා හෙළි කළේය. මේ වන විට එක් අයෙකු ඩෙලිටා ප්‍රභේදය ආසාදිත බව අනාවරණය වී ඇතත් ඒ පුද්ගලයා කවුදැයි මෙතෙක් දැනගන්නට ලැබී නැතැයි ද ඔහු පැවසීය.
2025 නොවැම්බර් මස 17
28
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
875
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2509
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
කටානේ පොල්තෙල් මෝලෙන් ඩෙල්ටා ආසාදිතයෙක්