
(ටී.කේ.ජී.කපිල )
කටුනායක නිදහස් වෙළෙද කළාපයේ සේවයේ නිරත සේවක - සේවිකාවන්ට තම දූ දරුවන් අනාරක්ෂිතව සිය නේවාසිකාගාර තුළ තබා යාම වෙනුවට සුරක්ෂිතව ඔවුන් රදවා තැබීම සදහා දිවා සුරැකුම් සහ ඉගෙනුම් මධ්‍යස්ථානයක් ඉදිකිරීමට අද(10 ) දින මුල්ගල් තැබීමක් කටුනායක නිදහස් වෙළෙද කළාපයේ 04 අදියර ප්‍රධාන ගේට්ටුව අසළ දී සිදු කෙරුණි .
මෙම දිවා සුරැකුම් සහ ඉගෙනුම් මධ්‍යස්ථානය නිසා කටුනායක නිදහස් වෙළෙද කළාප සේවක සේවිකාවන්ට මානසික පීඩනයෙන් තොරව සිය සේවා ඉටු කිරීමේ පරිසරයක් නිර්මාණය වේ .
රුපියල් හත් කෝටි හැට ලක්ෂයක් වැය කර , වර්ග අඩි 8,000 ක වපසරියකින් මෙම දිවා සුරැකුම් සහ ඉගෙනුම් මධ්‍යස්ථානය , ඒ.ටී.ජී.අත්වැසුම් නිෂ්පාදන ආයතනයේ සභාපති ෆසාල් ආබ්දීන් මහතාගේ ධන පරිත්‍යාගයෙන් සිදු කෙරෙන සමාජ සද්කාර්යයක් වන අතර ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය මේ සදහා යෝජිත ඉඩම ලබා දී තිබේ .
ඒ.ටී.ජී.අත්වැසුම් නිෂ්පාදන ආයතනය ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය සමග ඒකාබද්ධව පවත්වා ගෙන යනු ලබන ආයෝජන ව්‍යාපෘතියකි.
2025 දෙසැම්බර් මස 18
364
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
221
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කටුනායක නිදහස් වෙළෙද කළාපයට දිවා සුරැකුම් මධ්‍යස්ථානයක්