(තිස්ස කොටින්කඩුව)
කටුනායක නිදහස් වෙළෙද කලාපයේ පැතිර යන කොරෝනා වසංගතය පාලනය සඳහා සෞඛ්‍ය අංශයට සහයවීමට නාවික හමුදාවේ අද්මිරාල් නිලධාරියෙකුගේ අධීක්ෂණය යටතේ නාවික නිලධාරින් සිව්දෙනෙකු ඇතුලු නාවික භටයන් 25 දෙනෙකු කලාපය තුළම පූර්ණ කාලීනව සේවයේ යොදවා ඇති බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ විධායක අධ්‍යක්ෂක (කලාප) එම්.කේ.ඩී.ලෝරන්ස් මහතා පවසයි.
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයාගේ විශේෂ ඉල්ලීම මත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම නියෝගය ලබා දී ඇත.
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අයත් කලාප 14 ක කර්මාන්ත ශාලා 279 ක සේවය කරන 34,675 ක පිරිසක් මේ වන විට පීසිආර් පරීක්ෂණ සදහා යොමු කර ඇති බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ විධායක අධ්‍යක්ෂක (කලාප) එම්.කේ.ඩී.ලෝරන්ස් මහතා වැඩිදුරටත් පවසා සිටියි.
මේ අනුව කටුනායන ආයෝජන කලාපයේ කම්හල් 75 කින් පුද්ගලයින් 14,159දෙනෙකු, බියගම කලාපයේ කම්හල් 55 කින් 9500දෙනෙකු, සීතාවක ආයෝජන කලාපයේ කර්මාන්ත ශාලා 27 කින් 4,400ක පිරිසක් සහ ඉතිරි කලාප 11 කර්මාන්ත ශාලා තුළින් පුද්ගලයින් 6615 දෙනෙකු පීසීආර් පරික්ෂණය සදහා යොමු කර ඇති බව විධායක අධ්‍යක්ෂක වරයා සදහන් කළේය.
(ඡායාරූපය - නාවික හමුදා වෙබ් අඩවිය)
ඇමෙරිකාවෙන් සියයට 44 ක තීරු බදු මෙරටට පැනවීම හේතුවෙන් ඇගලුම්, රබර්, තේ සහ කුරුදු ඇතුළු අපනයන ක්ෂේත්‍රවල නිරතවන සේවකයන්ගේ රැකියා අවදානම්ට වැටී ඇති බව ස්ත
බලන්ගොඩ වෙිිවැවත්ත ප්‍රදේශයේ අවුරුදු උත්සවයක ගිිස් ගස සිටු විමට ගිය තරුණයෙක් විදුලි සැර වැදී මියගොස් ඇතැයි වෙිිවැවත්ත පොලිසිය පැවැසීය.
මරදාන හා කොටුව අතර අද (01) පෙරවරුවේ මගී දුම්රියක් පීලි පැන ඇතැයි දුම්රිය පාලක මැදිරිය පවසයි.
වැඩකරන ජනතාව ලෙයින් දහදියෙන් ජීවිත පරිත්‍යාගයෙන් ගමන් කළ වේදනාකාරී ඉතිහාසය නිමා කරමින් ජයග්‍රාහී වර්ෂයක ජනතා රජයක් යටතේ 139 වන ලෝක කම්කරු දිනය සමරන බ
“ලස්සන ජීවිතයක් සහ පොහොසත් රටක්” නිර්මාණය කිරීමට සහෝදරත්වයෙන් එක්ව පොර බැඳීමට මෙරට ආදරණීය වැඩකරන ජනතාවට ආරාධනා කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා කම
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
කටුනායක කොරෝනා පාලනයට නාවික අනුකණ්ඩයක්
chandima Tuesday, 24 November 2020 04:45 PM
ආයෙත් වතාවක් අර එකවතාවක වගේ ගස් බඩගාලා වන කරගන්නේ නැතිවෙන්න හොඳට පුහුණු කරලා යවන්න.