(කීර්ති ප්‍රනාන්දු)
කටාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයෙන් කොරෝනා රෝගීන් 72 දෙනෙකු පෙරේදා (30) දින වාර්තා වූ බව කටාන පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එස්. ඒ .යූ. ටී. කුලතිලක මහතා පවසයි.
මෙසේ වාර්තා වූ රෝගීන් අතර වයස අවුරුදු එකහමාරේ සිට වයස අවුරුදු 75 දක්වා වයස් කාණ්ඩ වලට අයත් ගැහැණු සහ පිරිමි රෝගීන් සිටින බවත් පවුලේ සියලුම සාමාජිකයන් ආසාදිතයන් ලෙස හඳුනාගත් පවුල් හතරක් ද ඒ අතර වන බව ද කුලතිලක මහතා පැවසීය.
මෙසේ හඳුනා ගත් රෝගීන් නිරෝධායනයට ලක්කර සිටි පුද්ගලයන් නොවන බවත් මෙම පුද්ගලයන් හට කොරෝනා වෛරසය ආසාදනය වීමට ඔවුන් කොරෝනා රෝගීන් සමග සම්බන්ධතාවයක් ද පවත්වා නොමැති බව ඔවුන්ගෙන් කරන ලද කරුණු විමසීමේ දී අනාවරණය වූ බව කුලතිලක මහතා කීය.
එම නිසා මෙම පිරිසට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති ආකාරය පිළිබඳව සලකා බැලීමේදී සමාජය තුළ හඳුනා නොගත් කොරෝනා වෛරසය ආසාධිත රෝගීන් විශාල පිරිසක් සිටිය හැකි බවට විශ්වාස කළ හැකි බවද කුලතිලක මහතා වැඩිදුරටත් පැවසීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
කටානෙන් කොරෝනා රෝගීහු 72 ක්