(නිමන්ති රණසිංහ)
එල්ටීටීඊ සංවිධානය නැවත ගෙන ආ යුතු බවට ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කර ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ වරදක් සිදු කළැයි කියන සිද්ධියට අදාළව නිතිපති උපදෙස් ප්‍රකාරව කාන්තා සහ ළමා කටයුතු හිටපු රාජ්‍ය ඇමැතිනි විජයකලා මහේෂ්වරන් මහත්මිය නිදහස් කිරීමට කොලබ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (19) නියෝග කලේය.
මෙම සිද්ධිය අද (19) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ යළි කැඳවනු ලැබූ අවස්ථාවේදී ඇපමත සිටින සැකකාර විජයකලා මහේෂ්වරන් මහත්මිය අධිකරණය හමුවේ පෙනී සිටියාය.
2018 වසරේ යාපනය වීරසිංහම් ශාලාවේ පැවති රැස්වීමක දී කරුණු දක්වමින් හිටපු ඇමතිනි විජයකලා මහේෂ්වරන් මහත්මිය කොටි සංවිධානය යළිනඟා සිටුවන ආකාරයේ ප්‍රකාශයක් සිදු කළේ යැයි ඉදිරිපත් වූ පැමිණිල්ලකට අනුව සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශය මගින් මෙම විමර්ශනය ආරම්භ කර තිබේ .
2025 දෙසැම්බර් මස 18
158
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
956
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොටින්ට පණ දෙන්න හැදූ විජයකලා නිදහස්
Senarath Thursday, 19 October 2023 12:19 PM
වැටත් නියරත් ගොයම් කයි නම් කාට කියන්නද එ අමාරුව. නිතිපතිත් මෙ ගැන තවදුරටත් කටයුතු නොකරන්න බව කියල තිබුනනෙ.
රංබොඩ Thursday, 19 October 2023 12:47 PM
ජනාධිපති වරණයේදී ඡන්ද ටිකක් අරගෙන දෙන්නම් කියන්න ඇති.
Chamila Fernando Thursday, 19 October 2023 01:06 PM
දඩුවමක් නැද්ද ? නිකම්ම නිදහස් කලාද ?
ලප කුමාර අනුර Thursday, 19 October 2023 03:34 PM
අරගලය කරලා ගත්තේ කොටි හිතවාදී. සිංහල බෞද්ධ විරෝධී රජයක්... වට්ස් ඇප්, වයිබර්, ෆේස් බුක් වලින් බොරු පින්තුර සහ බොරුව නිර්මාණය කරලා බටහිර සහ කොටි ඩයස්පෝරාව තිබුණු රජය පෙරලීම සහ එයට දායකත්වය දුන් ජේවීපී, පෙරටුගාමී. සජිත් කණ්ඩායම සමග රාජ්‍ය නොවන සංවිධාන සහ ඉන්දියාවේ සහයෝගය සමග අපේ රටේ බොහෝ රූපවාහිනී නාලිකා, විද්‍යුත් සමාජ මාධ්‍ය කරපු අරගලයේ ප්‍රතිඵල මේ.