IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


කට්ටි පනින නිලධාරීන්ට ජනපතිගෙන් ටෝක්කක්

(අංජුල මහික වීරරත්න)

රටේ සංවර්ධන කටයුතුවලට අදාලව ලබාදෙන උපදෙස් නිසි ලෙස ක්‍රියාත්මක නොකරන රාජ්‍ය ආයතන ප්‍රධානීන් සම්බන්ධයෙන් ඉදිරියේදී ක්‍රියාමාර්ග ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම්වලදී එම දිස්ත්‍රික්කවල සංවර්ධනයට අදාලව ගන්නා තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීමට රාජ්‍ය නිලධාරීන් කඩිනමින් කටයුතු කළ යුතු බව පැවසූ ජනාධිපතිවරයා රට ආපස්සට ගෙනයාමේ වැඩපිළිවෙළකට කිසිසේත් ඉඩ නොදෙන බවද අවධාරණය කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අද (04) පැවති විශේෂ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක්වෙමිනි.

දිස්ත්‍රික්කයේ දේශපාලන අධිකාරිය සහ රාජ්‍ය නිලධාරීන් යන දෙපාර්ශ්වයම මෙම අවස්ථාවට කැඳවා තිබූ අතර නුවරඑළිය දිස්ත්‍රික්කයේ සංවර්ධනය සඳහා මෙතෙක් ක්‍රියාත්මක කර ඇති වැඩපිළිවෙළ සහ ඉදිරි සංවර්ධන සැලසුම් පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

එසේම 2022 දෙසැම්බර් 22 සහ 2023 අප්‍රේල් 10 වන දින ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවන්හිදී ගනු ලැබු තීරණ ක්‍රියාත්මක වීමේ ප්‍රගතිය විමසා බැලීමද සිදු විය.



අදහස් (4)

කට්ටි පනින නිලධාරීන්ට ජනපතිගෙන් ටෝක්කක්

චන්දන Saturday, 04 November 2023 08:16 PM

ඔය පණ්ඩිත කතා වලින් වැඩක් නැහැ. දැන් රජයේ සේවකයින් ඉවත් වෙනවා.. රාජ්‍ය සේවය කඩා වැටිලා... එයාලා හැම පැත්තෙන්ම කල කිරිලා...!

:       0       0

Bamunuarachchi Saturday, 04 November 2023 10:44 PM

අවුරුදු 5 කට බලයට එන දේශපාලකයින් ගන්නා සමහර තීන්දු තීරණ රටට හානිදායක නිසා රටට ආදරේ කරන සමහර නිලධාරීන් කට්ටි පනිනවා විය හැකි..., LTTE කාරයින්ට ආයුධ දෙන්න කියා ප්‍රේමදාස දීපු නියෝගයට සමහර නිලධාරීන් කට්ටි පැන්නා කියලා කියැවුණා. වතු දෙමළුන්ට ගෙවල් දහදාහක් හදන්න යාමේදී නිලධාරීන් කට්ටි පැන්නොත් පුදුම නැහැ...!

:       0       1

SAM Sunday, 05 November 2023 12:06 AM

කට්ටි පනින වැඩනොකරන, වැඩවලට අකුල් හෙලන නිලධාරීන් ඉවත්කර දක්ෂයන් පත්කළ යුතුවේ...

:       0       1

Nimal Sunday, 05 November 2023 11:38 AM

සංවර්ධන කටයුතු යනුවෙන් අදහස් කරන්නේ, පැරැණි තැපැල් ගොඩනැගිල්ල ඇතුළු, තිබෙන සම්පත් ටිකත් කුණු කොල්ලයට විකිණීමද?

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 106 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site