(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොට්ටාව නගරයේ පෞද්ගලික රසායනාගාරයක් තුළ දී සිදුකළ වෙඩි තැබීම වෙඩික්කරුවන්ගේ වැරදි ඉලක්කයක් බවට මේ වනවිට අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි.
එම වෙඩි ප්‍රහාරයෙන් මිය ගොස් තිබුණේ මත්තෙගොඩ නාමල් උයන පදිංචිව සිටි රසායනාගාර සේවකයෙකු වු මිහිරාන් පත්මසිරි 33නමැත්තෙකි.
කුත් මැයි 15 වැනිදා බොරැල්ල සිරිසර උයන නිවාස සංකීර්ණයේ දී පුද්ගලයකු තියුණු ආයුධවලින් කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධියට පළිගැනීමක් ලෙස ඝාතනය කළ පුද්ගලයාගේ සහෝදරයකු යැයි සිතා මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
එම පුද්ගලයාට රසායනාගාරයේ සේවය කරන අතර වෙඩි වැදි මියගිය පුද්ගලයා සහ බොරැල්ල ඝාතකයාගේ සහෝදරයා ද එක සමාන හැඩරුවෙන් යුක්ත වුවන් බවට පොලිසිය කියයි.
බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසය පරීක්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 18
516
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
264
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1063
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොට්ටාවේ වෙඩි තැබීම වැරැදි ඉලක්කයක්
de silva Thursday, 22 June 2023 09:04 PM
මිනී මරුවන්ට ඇප නොදී නඩු අසා මරණ දඬුවම දෙන්න ඕනේ.මේකට විශේෂ අධිකරණයක් ස්ථාපිත කරන්න ඕන .නැතිනම් මේ රට හදන්න බැහැ .මිනිස්සු කිසිම බියක් සැකක් නොමැතිව මහ දවාලේ කුලියට මිනී මරනවා.ඉලක්කයට සමාන සියලුදෙනාගේම ජීවිත අවධානමේ
සුදාර Friday, 23 June 2023 01:22 PM
පොලිසිය තමන්ගේ රාජකාරිය හරියට නොකිරීමේ ප්‍රතිඵල. තුවක්කු දැන් හැමතැනම. මහදවල් වෙඩිතියල අහුවෙන්නේ නැතිවම යනවා. පොලිසියේ මහත්තුරු මහජනතාවගේ ආරක්ෂාව පැත්තක තියලා තනතුරු පස්සේ දුවනවා. මාර්ග භාධක වලදිවත් වැරදිලාවත් ඕවා අහුවෙන්නේ නැත්තේ ඇයි.