IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


කොට්ටාවේ වෙඩි තැබීමක්

( ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ )

කොට්ටාව ධර්මපාල විද්‍යාලය ඉදිරිපිටදී අද( 21)  උදෑසන සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් ඇතැයි කොට්ටාව පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ මත්තේගොඩ  ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය කියයි.

මියගිය පුද්ගලයා  කොළඹ ලංකා රෝහලේ සෞඛ්‍ය ප්‍රවර්ධන නිලධාරියෙකු ලෙස සේවය කර ඇති අතර ඔහු උදෑසන 8 ට පමණ කොට්ටාව ධර්මපාල විද්‍යාලය ඉදිරිපිට පිහිටි රුධිර පරීක්ෂණ ආයතනයෙන් දෛනික සේවය ආරම්භ කිරීමට පැමිණ සිටියදී යතුරුපැදියෙන් පැමිණි දෙදෙනෙකු වෙඩි තබා පළා ගොස් තිබේ.

වෙඩි තැබීමෙන් තුවාල කරුගේ හිසට බරපතළ තුවාල සිදුව ඇති අතර ඔහු හෝමාගම මූලික රෝහලට රැගෙන යන අතරතුරදී අතරතුර දී මිය ගොස් ඇත.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. සිද්ධිය සම්බන්ධයෙන් කොට්ටාව පොලිසිය පරීක්ෂණ පවත්වති

(ඡායාරූප: කේ. බුද්ධීක කුමාරසිරි)


(ඡායාරූප: බිමල් ශ්‍යාමන් ජයසිංහ)



අදහස් (5)

කොට්ටාවේ වෙඩි තැබීමක්

nimesh Wednesday, 21 June 2023 10:03 AM

මොකක්ද මේ වෙන්නේ ? දැන් දවසකට කි සැරයක් මෙහෙම් වෙඩි තැබීම් වෙනවද ? මේ රටේ ආරක්ෂාව බාරව ඉන්න උන් නිදිද ?

:       1       22

fairoosWednesday, 21 June 2023 12:16 PM

කාට කියන්ඩ ද මෙව..පොලිසි‌යෙ මහත්තුරැ ගමෙ ඉන්න අම්බෙට්ටෙනම් අල්ලල කූඩු කරයි

:       0       5

prasanna Wednesday, 21 June 2023 12:18 PM

දැන් ලංකාව චිකාගෝ වලටත් වඩා අන්තයි

:       0       7

නිහාල් Wednesday, 21 June 2023 01:53 PM

හොර පොල් ඇහිලූ එකෙක් නම් දනී පොලිසිය කරන දේ

:       0       8

Bunny Preena Thursday, 22 June 2023 11:43 AM

ඇපි ගත කරපු ලමා කාලය බොහොම සුන්දරයි, බොහොදුරට සාමකාමියි. වර්ථමානයේ සිඩුවෙන දේවල් ගැන හිතනකොට බොහොම දුකයි. මිනිමරන එක බොහොම සුලුදෙයක් වෙලා. සමාජය හොදටම පිරිහිලා. වයසක අපි හෙට අනිද්දා වෙනකොට මරිල යයි. ණමුත් මගෙ දරුවන්ට සහ මුනුපුරු මිනිපිරියන්ට කොහොම රටක් අනාගතයෙ තියෙයිද කියල හිතන කොට සිතට ලොකු වෙදනාවක් ගෙන දෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 540 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 713 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 293 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site