IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


කටුගස්තොට සැක ඝාතනයක්

(මොහොමඩ් ආසික් සහ ධම්මික ගුණවර්ධන)

කටුගස්තොට මැණික්කුඹුර ප්‍රදේශයේ අලුතින් ඉදි කරමින් පවතින තෙමහල් නිවසක තනිව සිටි 57 හැවිරිදි පුද්ගලයකු කපා කොටා ඝාතනය කර තිබියදී අද අලුයම  කටුගස්තොට පොලීසිය මගින් සොයා ගනු ලැබ තිබේ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ කටුගස්තොට මැණික්කුඹුර ප්‍රදේශයේ අලුතින් ඉදි කරමින් පවතින නිවසක පදිංචිව සිටි සිසිර ප්‍රියන්ත කුමාර නැමැති 57 හැවිරිදි පුද්ගලයෙකි.

ඔහු පවුලේ සියලු සාමාජිකයින් සමඟ විදේශතව සිට ඇති අතර දැනට මාස දෙකකට පමණ පෙර ඝාතනයට ලක් වූ පුද්ගලයා පමණක් නිවසට පැමිණ අලුතින් ඉදි කරමින් සිට ඇත.‍

ඔහුගේ පවුලේ සියලු දෙනා මේ වන විටත් විදෙස් රටක රැ ඳී සිටින බව ප්‍රදේහවාසිහු කියති.

මෙම නිවසේ ආරක්ෂාව සඳහා පුද්ගලික ආරක්ෂක සේවයකට අයත් ආරක්ෂක නිලධාරින් දෙදෙනකු වන පියා සහ පුතකු  මාරුවෙන් මාරුවට ආරක්ෂක කටයුතු වල යෙදී තිබේ.

එම නිවසේ ආරක්ෂාව සඳහා සිට 33 හැවිරිදි පුද්ගලයා අද අළුයම කටුගස්තොට නගරයේදී විශාල මන්නා පිහියක්ද රැගෙන සැරිසරනු දැක ප්‍රදේශවාසීන් විසින් අල්ලා පොලීසිය වෙත භාර දෙනු ලැබ තිබේ.

 



අදහස් (0)

කටුගස්තොට සැක ඝාතනයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 291 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 192 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site