IMG-LOGO

කෝච්චියේ දමා ගිය රන් බෑගය ආපසු බාර දෙයි

(සුරංග රාජනායක)

මාතර සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ රුහුණු කුමාරි දුම්රියේ අමතකව දමා ගොස් තිබූ රුපියල් ලක්ෂ පනහකට අධික රන් භාණ්ඩ ඇතුළු දේපල අඩංගු බෑගයක් දුම්රිය ආරක්ෂක අංශ නිලධාරීන්ට හමුවී එහි අයිතිකරුවන් සොයා භාරදීමට පියවර ගෙන තිබේ.

මහනුවර කටුගස්තොට ගුහාගොඩ පදිංචි ලක්සිරි සම්පත් යන අය හා ඔහුගේ බිරිඳ වන හිරුණි නිමාෂා යන අයට අයත් මෙම දේපළ දුම්රියේ අමතකව ගොස් තිබුණි.

හිරුණි නිමාෂාගේ ගම මාතර පාලටුව අත්තුඩාව වන අතර අඹුසැමියන් මහනුවර සිට ඇගේ මහගෙදර ගොස් එහි සිට නැවත මහනුවරට පැමිනීම සඳහා මෙම දුම්රියේ පැමිණ තිබුණි.

මෙම ගමන සඳහා බිරිඳගේ මව හා පියා ද සහභාගි වී සිට ඇත.

මොවුන් සතුව තිබූ ගමන් බෑග් කීපයක් දුම්රියේ වාඩිවී සිටි තැන සීට් එක යට තබා තිබී ඇති අතර කොටුවෙන් බැසීමේ දී මෙම බෑගය ඔවුන්ට ගැනීමට අමතකව ඇත.

කොටුවට පැමිණි දුම්රිය මාලිගාවත්ත අංගනයට දැමීමට පෙර එහි පරික්ෂා  කිරීමේ දී මාතර දුම්රිය ආරක්ෂක නිලධාරි කාර්යාලයේ ආරක්ෂක 91216 ඒ.කේ. ලංකානන්ද සහ 91272 එල්.ඩී ප්‍රියංකර යන දෙදෙනාට මෙම බෑගය හමුවී මාලිගාවත්ත දුම්රිය ආරක්ෂක කාර්යාලය වෙත භාරදී තිබුණි.

බෑගය තුළ පවුම් 3 ක රන් මාලයක් අත් පළඳනාවක් ඇතුළු රන් භාණ්ඩ ද රුපියල් ලක්ෂයක් වටිනා ඇපල් වර්ගයේ අයිෆෝනයක් හා රුපියල් ලක්ෂ 35 ක ඉතුරුම් සහතිකයක් ද බැංකු පොත් මෝටර් රථයේ යතුරු හැඳුනුම්පත් ඇතුළු දේපල තිබී ඇත.



අදහස් (4)

කෝච්චියේ දමා ගිය රන් බෑගය ආපසු බාර දෙයි

සරත් ජයනන්ද රාජපක්ෂ Monday, 21 August 2023 01:27 PM

දුම්රිය දෙපාර්තමේන්තුවේ ආරක්ෂක අංශය ඇතුළු මෙයට දායක වූ සැමට මාගේ උපහාරය පිරිනමමි. මාගේ නොව ජාතියේම උපහාරය දැක්විය යුතුයි. මෙවන් රාජ්‍ය සේවකයින් රැකගැනිම අපගේ යුතුකමයි.

:       0       82

මහසෙන් Monday, 21 August 2023 03:45 PM

මීට පෙරත් කීප වතාවක් මේ දුම්රිය ආරක්ෂක නිලධාරීන්ගේ මෙවැනි අගනා ආදර්ශමත් ක්‍රියාවන් වාර්තා වී තියෙනවා. මටද වරෙක ඔවුන්ගේ උපකාරය ලැබී තියෙනවා. අගයීමට ලක්කළ යුතු හොඳ රාජ්‍ය සේවයක් ...

:       0       39

ප්‍රබාත් Monday, 21 August 2023 06:00 PM

මට තේරෙන්නේ නැහැ. පොලිසියේ කට්ටිය රත්තරන් මාල එල්ලගෙන මෙකේ ක්‍රෙඩිට් එක ගන්න හදන්නේ ඇයි කියලා.

:       1       8

Nimal Monday, 21 August 2023 06:03 PM

මෙවැනි අවංක රාජ්‍ය නිලධාරීන් ගැන අසන්නට ලැබීම ගැන හරිම සතුටුයි.

:       0       13

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 260 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 440 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 785 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site