IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


කෝච්චියක් හැතැප්ම හතරක් ’’රිවර්ස්’’

(සුජිත් හේවාජුලිගේ)

කොළඹ කොටුවේ සිට මීරිගම  බලා ධාවනයවූ මන්දගාමී දුම්රියක් හුණුපිටිය ප්‍රදේශයේ දුම්රිය මාර්ගයේ ඇතිවූ  කිසියම් දෝෂයක් හේතුවෙන්  එම ස්ථානයේ සිට කැලණිය දුම්රිය ස්ථානය   දක්වා  සැතපුම් හතරක්  පමණ පසුපසට   ගමන් කරවීමට ඊයේ (1) සිදුවිය.

ඒ ආකාරයට පිටුපසට ධාවනය  කර  කැලණිය දුම්රිය ස්ථානය අසලට ළඟාවීමෙන් පසු  වෙනත්  දුම්රිය මාර්ගයක් ඔස්සේ දුම්රිය ඉදිරියට ධාවනය කරවීමට  එහි රියදුරෝ පියවර ගත්හ.

මේ හේතුවෙන් දුම්රිය පැයකට ආසන්න කාලයක් ප්‍රමාදවීමෙන් ජනතාව දැඩි  දුෂ්කරතාවයට පත්වූහ.

දුම්රිය මෙසේ පසුපසට ධාවනය කෙරුණේ දුම්රිය බලධාරීන්ගෙන්  ලබාගත් විශේෂ අවසරයක් අනුව බව දුම්රිය ආරංචි මාර්ග සඳහන් කළේය.

මෙම දුම්රිය කොළඹ කොටුව දුම්රිය පොළෙන් ගමන් ආරම්භ කළේ රාත්‍රී 9.45 ට පමණය. ඊට විනාඩි පහළොවකට පමණ පසුව හුණුපිටිය දුම්රිය ස්ථානය අසලට ළං  වෙද්දි මෙම සිද්ධියට මුහුණ දුන්නේය.



අදහස් (2)

කෝච්චියක් හැතැප්ම හතරක් ’’රිවර්ස්’’

Sachith Tuesday, 02 January 2024 12:05 PM

සීග්‍රඝාමී කෝච්චිය නවත්තලා මන්දගාමී කෝච්චියට ඉඩ දෙනවා .අන්න ඒ වගේ මන්දගාමී මානසිකත්වයක් ඕකේ ඉන්න නිලධාරීන්ට තියෙන්නේ

:       0       14

Nimal Tuesday, 02 January 2024 01:22 PM

දුම්රිය සේවය පමනක් නොවෙයි, මුලු රටම දැන් රිවස්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 29 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site