IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


කච්චිමඩුව ජලාශය වාන්දමයි

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
 
කොට්ටුකච්චිය කච්චිමඩුව ජලාශය නැවතත් වාන්දැමීම හේතුවෙන්, කුඹුරු අක්කර 50කට අධික ප්‍රමාණයක පවතින ගොයම් පැළ ජලයෙන් යටවී විනාශ වෙමින් පවතින බව ගොවීහු පවසති.
 
කච්චිමඩුව ජලාශයේ වාන් ජලය කිරල් ඔයට ගලායාම හේතුවෙන් එයද පිටාර ගැලීමට ලක්ව ඇතැයිද, මේ හේතුවෙන් දින 10ක් පමණ වන ලපටි ගොයම් පැළ කුණු වී මැරී යාමේ අවදානමට ලක්ව ඇතැයිද ඔවුහු කියාසිටිති.
 
මේ පිළිබඳව අදහස් දැක්වූ ජයන්ත රෝෂාන් මහතා පවසා සිටියේ මෙවැන්නකි.
 
“කොට්ටුකච්චිය වම් ඉවුරේ, නවදැල්ල කොටසේ අක්කර 50 ක් විතර  දින 5කට වැඩියෙන් කච්චිමඩුව ජලාශයේ වාන් ජලයෙන් යට වෙලා. අපිට කලින් වගාකරන්න කියලා දැනුම්දීලා තිබෙන නිසා අපි වගා කළා. නමුත් මේ වන විට අපේ කුඹුරුවල ගොයම් පැළ කුණුවෙන්න අරගෙන. අක්කරයක් වගා කරන්න අපිට බිත්තර වී වලටත් එක්ක රුපියල් 40,000 කට වඩා වැඩියෙන් වැයවෙලා” යැයි කීය.
 
මේ පිළිබඳව අදහස් දක්වමින් සිටි කේ. පී. නිශාන්ත මහතා මෙසේ පැවසීය.
 
“මේ ජලය බැහැලා යන්න විදිහක් නැත්තේ ගල්කුලමේ ඉදල මුරියාකුලමට යන්න තිබෙන මාර්ගයේ බෝක්කු කිහිපයම සම්පූර්ණයෙන් වසා දමා තිබෙන නිසායි. මේනිසා ජලය බැසයන්න නිසි ක්‍රමයක් නැති වෙලා” යැයිද සඳහන් කළේය.
 
පුත්තලම ප්‍රාදේශීය ඉංජිනේරු දිලිප හෙට්ටිආරච්චි මහතා මේ සම්බන්ධයෙන් මෙසේ අදහස් දැක්වීය.
 
“ ජලයෙන් පිරුණු කුඹුරු කොටසක් බලන්න මම ගියා. එහි ගැටලුවක් ඇති බව පෙනුනා. කිරල් ඔයේ ස්ථාන කිහිපයක් අවහිර කරලා. ජලය ගලායාම වළක්වා ඇතැයි කියන ස්ථාන සම්බන්ධයෙන් ඉදිරියේදී ක්‍රියාමාර්ග ගන්නවා” යැයිද කීය.



අදහස් (0)

කච්චිමඩුව ජලාශය වාන්දමයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 232 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 70 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 769 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site