කාගීල්ස් තම නවතම එළිදැක්වීම වන බණ්ඩාරවෙල නගර මධ්‍යයේ නිමැවුම් Cargills Square Mall පසුගියදා විවෘත කළේය. මෙය මෙම වසරේ විවෘත කෙරුණු දෙවැනි කාගිල්ස් සාප්පු සංකීර්ණය වන අතර, මෙරට විවෘත කෙරුණු 05 වැනි කාගිල්ස් සාප්පු සංකීර්ණය වේ.
මෙසේ විවෘත වූ Cargills Square බණ්ඩාරවෙල හුදු සාප්පු සංකීර්ණයක් නොවන්නේ මෙය අනාගතය පිළිබඳව සුබවාදී ලකුණක් ලෙසින් සනිටුහන් වන නිසා බව එම ආයතනය සඳහන් කරයි.
මහල් පහකින් සමන්විත මෙම සාප්පු සංකීර්ණය තුළ කාගීල්ස් ෆුඩ්සිටි ශාඛාවක්, අවන්හල් කිහිපයක් සමගින් එන Food Court එකක්, කඩ සාප්පු පෙළක් KFC අවන්හලක් සහ 3D පහසුකම්ද ඇතුළත්වන සිනමා තිර දෙකකින් සමන්විත සිනමා ශාලාවක් ද ඇතුළත් වේ. එමෙන්ම ගනුදෙනුකරුවන්ට අවැසි මූල්‍ය පහසුකම් ලබාදීම සඳහාම වෙන්වුණු කාගීල්ස් බැංකු ශාඛාවක්ද මෙහි ඇතුළත්.
මහල් පහකින් යුතු මෙම Cargills Square හි මූලිකම පරමාර්ථයක් වන්නේ තරුණයන් සවිබල ගැන්වීම සහ ඔවුන්ගේ අපේක්ෂාවෙන් දැල්වීමයි. මෙසේ පවුල් හිතකාමී විනෝදාස්වාද සාප්පු සංකීර්ණ නිර්මාණය කිරීම මගින් කාගීල්ස් සමාගම අපේක්ෂා කරන්නේ සිහින මල්පල ගැන්විය හැකි සහ තරුණ පරම්පරාවට අවස්ථාවන්ගෙන් දීප්තිමත් අනාගතයක් අපේක්ෂා කළ හැකි අවකාශ සැපයීමයි.
Cargills Square සංකල්පය ප්‍රථම වරට හඳුන්වා දෙනු ලැබුවේ 2013 වසරේ කොළඹ නගර සීමාවෙන් එපිට ප්‍රදේශවල පාරිභෝගිකයන්ට විනෝදාස්වාද සාප්පු සවාරි අත්දැකීම ලබාදීමේ අරමුණ ඇතිවය. ප්‍රසිද්ධ සමාගමක් විසින් උතුරු ප්‍රදේශයේ සිදුකරන ලද විශාලතම ආයෝජනය සිදුකරමින් යාපනය නගරයේ පළමු Cargills Square ගොඩනැගිල්ල විවෘත විය. එම අතිසාර්ථක පළමු පියවරෙන් පසු ගම්පහ, දෙමටගොඩ සහ කටුබැද්ද යන ප්‍රදේශවල පිළිවෙළින් Cargills Square විවෘත විය.
බණ්ඩාරවෙල Cargills Square සංකීර්ණය රුපියල් බිලියන 1.6 ක ආයෝජනයකින් ඉදිකරන ලද අතර ශ්‍රී ලංකා ආර්ථිකය කෙරෙහි කාගීල්ස් සමූහයේ විශ්වාසය කැපවීම පිළිබඳ සාක්ෂියකි.
595
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
කාගීල්ස් Square Mall බණ්ඩාරවෙලදී විවෘත කෙරේ