IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


කොකා-කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා නව කළමනාකරණ අධ්‍යක්ෂ දීපක් සෙන්තිල්

CCBSL හිටපු කළමනාකරණ අධ්‍යක්ෂ මයන්ක් අරෝරා මහතා සහ නව කළමනාකරණ අධ්‍යක්ෂ දීපක් සෙන්තිල් මහතා


කොකා-කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා සමාගමේ (CCBSL) කළමනාකරණ අධ්‍යක්ෂ ධූරය දැරූ මයන්ක් අරෝරා මහතා, 2022 ජූලි මස 01 වැනිදා සිට බංගලාදේශ කොකා-කෝලා සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ ලෙස සිය වැඩ බාර ගැනීමත් සමඟ, ශ්‍රී ලංකා සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ තනතුරට දීපක් සෙන්තිල් මහතා පත්කර ඇති බව එම සමාගම නිවේදනය කර තිබේ.

මයන්ක් මහතා වසර 05කට අධික කාලයක් පුරාවට දේශීය හා කලාපීය වශයෙන් සමාගමේ සංවර්ධනය උදෙසා විශාල කැප කිරීමක් සිදු කර ඇති අතර, ඵලදායී හා කාර්යක්ෂම හවුල්කාරීත්ව සමාගමේ වර්ධනය උදෙසා විශාල මෙහෙවරක් සිදුකර ඇත. එම කැපවීම් හි ප්‍රතිඵල වශයෙන් CCBSL හට 'Coca-Cola South West Asia (SWA) Bottler of the Year 2020' ඇගයීම ඇතුළුව විවිධ පිළිගැනීම් රැසක් හිමි විය.

ගෝලීයමය වශයෙන් පැන නැගුණු කොවිඩ්-19 වසංගතය හමුවේ දුර්වල වූ ප්‍රජා ආර්ථිකයන් නගා සිටුවීම, මයන්ක් මහතාගේ දූර කාලය තුළ ඒ මහතා හට මුහුණ දීමට සිදුවූ ප්‍රධානතම අභියෝගයක් විය. ඒ සඳහා ඉතාමත් සාර්ථක උපාය මාර්ගික සැළැස්මක් දියත් කරමින්, CCBSL විසින් සිය සේවා කණ්ඩායම්හි සහ සියලු‍ම හවුල්කරුවන්ගේ සෞඛ්‍ය, ආරක්ෂාව සහ රැකියා සුරක්ෂිතභාවය ප්‍රමුඛ කොට සැලකිණි. ඒ හරහා සමාගම, ජාතික සෞඛ්‍ය සහ ආරක්‍ෂිත මාර්ගෝපදේශවලට අනුකූලව සිය මෙහෙයුම් දියත් කළ අතර, වැටුප් කප්පාදු කිරීම් වලින් තොරව, වාර්ෂික වැටුප් වර්ධක සහ දිරි දීමනා ලබා දෙමින් සේවක ජීවන තත්ත්වය උසස් කිරීමට කැපවී ක්‍රියා කරන ලදී. තවද, ප්‍රාදේශීය මට්ටමෙන් ප්‍රජාවට ශක්තියක් වීමේ අරමුණින්, විෂබීජ නාශක වැඩසටහන් සහ අත්‍යවශ්‍ය භාණ්ඩ ඇසුරුම් බෙදා හැරීමේ වැඩසටහන් ද ක්‍රියාත්මක කරන ලදී.  ඒ මහතාගේ දූරදර්ශි නායකත්වයේ ප්‍රතිඵල වශයෙන්, පසුගිය වසර 05ක කාලය තුළ, කොකා-කෝලා සමාගමේ මෙහෙයුම් ආශ්‍රිත අගයන් වර්ධනය වූ අතර, ඒ හේතුවෙන් ඉහළ වෙළඳපොළ කොටසකට හිමිකම් පෑමට සමාගමට හැකි විය.

595

 



අදහස් (1)

කොකා-කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා නව කළමනාකරණ අධ්‍යක්ෂ දීපක් සෙන්තිල්

Mahesh Kosala Thursday, 18 August 2022 06:20 PM

we should not encourage, coca cola in Sri Lanka which will destroy health

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 30 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site