IMG-LOGO

කුකුළු මස් තවත් රුපියල් 100 කින් අඩුවෙයි

(යොහාන් භාසුර)

කුකුළු මස් කිලෝවක මිල ඉදිරි සති දෙක තුළ තවත් රුපියල් 100 කින් අඩු කිරීමට කුකුළු මල් නිෂ්පාදකයන් එකඟ වූ බව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්‍ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා අද (22) පැවසීය.

කුකුළු මල් නිෂ්පාදකයන් එම සහනය ජනතාවට නොදුන හොත් කුකුළු මල් ආනයනය කර හෝ පාරිභෝගිකයා ආරක්‍ෂා කරන බවත් කුකුළු මල් කිලෝවක් රුපියල් 850 ක් දක්වා අඩු කිරීම රජයේ ඉලක්කය බවත් අමාත්‍යවරයා කීය.

සුපිරි වෙළෙඳසැල් කුකුළු මස් අළෙවියෙන් විශාල ලාභයක් ලබන බවත් එම වෙළෙඳසැල්වල ද කුකුළු මස් මිල අඩු කරන ලෙස දැනුම් දෙන ලෙස එම අමාත්‍යංශයේ ලේකම්වරයා දැනුවත් කළ බව ද අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා වැඩි දුරටත් කීය.

වෙළෙඳ අමාත්‍යංශයට අනුව කුකුළු මස් කිලෝවක වර්තමාන මිල රුපියල් 1,150 කි.  



අදහස් (5)

කුකුළු මස් තවත් රුපියල් 100 කින් අඩුවෙයි

kavidhu Saturday, 23 September 2023 01:30 PM

කුකුල් මස් නම් වැඩි වුණාට කමක් නෑ. 2000ට ගියත් කමක් නෑ. මොකද නිරෝගීව ඉන්න මළකුණු ඕනෑ නෑ. අනික කුකුල් මස් කියන්නේ වස. එළවළු කාපල්ලා. පෙරේතකම අඩුකරපල්ලා.

:       1       4

de silva Saturday, 23 September 2023 02:20 PM

රුපියල් 800කට වැඩිය ගෙවලා කුකුල් මස් මිලදී ගන්න පාරිභෝගිකයින්ගෙන් 70% කට බැහැ. එමනිසා ඔවුන් මිලදී ගන්නේ නැහැ.

:       0       2

පිටිගල මිලානෝ Saturday, 23 September 2023 02:44 PM

ලංකාවේ කුකුළ් මස් සහ සොසේජස් කන්න එපා. පුළුවප් තරම් මාළු කන්න. මිල අඩු කුඩාමාළු සහ වැව් මාළු විශේෂයි...!

:       0       2

de silva Saturday, 23 September 2023 04:56 PM

මස් මිලදී ගැනීම තවකාලිකව අඩු කරමු. ඉල්ලුම අඩුවෙනකොට මිල පහත වැටෙනවා.

:       0       2

Rahuman Sunday, 24 September 2023 11:27 AM

කුකුල් මස් ගණන් ගියාට පස්සේ කමක් නැහැ. නමුත් හරක් මස් මිල අඩුකරන්න ඕනේ...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 93 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 152 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1013 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site