
( කුෂාන් ජයවර්ධන)
‘ක්ලබ් වසන්තට කළ දේ උඹටත් කරනවා‘. යැයි පවසා මරණ තර්ජන එල්ල කරමින් කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාට එරෙහිව තර්ජනාත්මක පොස්ටර් ගසා එම කාර්යාලයට කලුතෙල් ප්‍රහාරයක් එල්ලකර ඇතැයි කැකිරාව පොලීසිය කියයි.
සිද්දිය සම්බන්ධයෙන් කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මඟින් කැකිරාව පොලිස් ස්ථානයට සිදු කළ පැමිණීල්ලකට අනුව පරීක්ෂණ අරඹා ඇතැයි පොලීසිය පවසයි.
කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාට කැකිරාවෙන් ඉවත්ව යන ලෙසත්, එසේ නොවුනහොත් ක්ලබ් වසන්තට අත්වූ ඉරණම තමන්ටද අත්වනු ඇතැයි එහි අලවා ඇති පෝස්ටර්වලින් කියැවේ. සැකකරුවන් විසින් එහි ගොඩනැගිලි 03කට කලුතෙල් ප්‍රහාර එල්ලකර තිබිණි.
රුපියල් කෝටි ගණනක් වටිනා වස මිශ්‍රබව කියන පාන්පිටි තොගයක් අත්අඩංගුවට ගැනීම හා කිරි ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් සම්බන්ධයෙන් මෙන්ම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් අත්අඩංගුවට ගෙන තිබූ ආහාර ද්‍රව්‍ය තොගයකට හානි කිරීම සම්බන්ධන්ධයෙන් නීතිඥවරුන් දෙදෙනෙකු ට එරෙහිව යනාදී වශයෙන් විශේෂනඩු කිහිපයක්ද ඉකුත් දිනවලදී කැකිරාව සෞඛ්‍ය වෛද්‍යවරයා විසින් අධීකරණයේ ගොනුකර තිබිණ.
මේ වනවිට එම නඩු විභාග වෙමින් ඇති පසුබිමක කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාට මෙලෙස මරණ තර්ජන එල්ලව තිබේ.



2025 දෙසැම්බර් මස 18
577
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
285
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1087
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කැකිරාව දොස්තරට මරණ තර්ජන
රම්බොඩ Tuesday, 16 July 2024 12:48 PM
මෙහෙම කට්ටියට නටන්න දුන්නොත් නම් කිසිම නිලධාරියකුට රාජකාරි කරන්න වෙන්නේ නෑ. පොලීසිය වහා ක්‍රියාත්මක වී මේ වඳුරු වසංගතය නිමක් කළාවි යැයි බලාපොරොත්තු වෙමු
Muthu Tuesday, 16 July 2024 12:53 PM
අවු 76 තිස්සේ රට හිඟමනට දාපු දේශපාලු රංචුවට සාප වේවා...මිනිස්සු මේ තරම් පහත වුණේ....උන්ව අන්ත හිඟමනට දාපු නිසා...රු 5000 - 10000 ට අම්ම අප්පා මරා දාන ගානට මිනිස්සු තිරිසන් වුණා.... උන් බිලියන ගණන් හොරා කාලා සුරසැප විඳිනවා...මිනිස්සු එක එකා මරා ගන්නවා..
ජයනාත් Tuesday, 16 July 2024 01:11 PM
ඔන්න ඕක තමයි රජයේ නිලධාරීන්ට රාජකාරි අකුරට ඉටු කරන්න තියෙන බාධාව.
Hafeel Tuesday, 16 July 2024 01:23 PM
ළඟදී ජනාධිපති රනිල් කියා තිබුණා පාස්කු ප්‍රහාරය වගේ ප්‍රහාරයක් තවත් සිදු වෙන්න ඉඩ තියන්න නැහැ කියලා. ඔහු ජාතික ආරක්ෂාව තර කරාලු. අඩු තරමින් මේවා හරි පාලනය කරන්න බැරි නම්, වැඩක් නැහැ.
Citizener Tuesday, 16 July 2024 09:20 PM
මෙහෙම ගියොත් පාතාලයටම ගිය රටක් වේවි
KAHAWITA Wednesday, 17 July 2024 01:34 AM
ක්ලබ් වසන්ත මැරුවට පස්සේ හොරු දැන් නිකන් චන්ඩි වෙලා මොකද උන් දන්නවා සල්ලි විසි කරපු හැටිය කළු ඇඳ ගත්තු සුදු කට්ටිය ඕන තරම් කෙල හල හලා ඉන්නවා උන්ව බේරාගන්න කියලා
Tillak Wednesday, 17 July 2024 12:56 PM
ඕවට වැරදිකාරයො රට පාලනය කරපු අය තමයි