
(ටී.කේ.ජී.කපිල)
ජපානයේ නිපෝන් ඩොනේෂන් පදනමත් , මාරු ව්‍යාපෘතිය සහ එරට ව්‍යවසායකයන් පිරිසක් එක්ව රුපියල් මිලියන 10 ක් පමණ වටිනා අත්‍යාවශ්‍ය ඖෂධ තොගයක් සහ ශ්‍රී ලංකාවේ අඩු පහසුකම් සහිත පාසල් 100 ක් සදහා පරිත්‍යාග කළ අත්‍යාවශ්‍ය උපකරණ තොගයක් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන ආවේය.
මෙම වැඩසටහන ජපානයේ කීර්තිමත් ව්‍යවසායකු වන යූමා මුරනුෂි මහතා විසින් සංවිධානය කර තිබේ .
මෙම පරිත්‍යාගයන් රැගත් 11 දෙනෙක්ගෙන් යුතු ජපාන දූත අද සවස ජපානයේ නරීටා සිට , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 455 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ .
මෙම පිරිස මෙම පරිත්‍යාග සිදු කිරීමෙන් අනතුරුව , ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථාවන් පිළිබඳව ද රජයේ උසස් මැතිඇමතිවරුන් සහ රාජ්‍ය නිලධාරීන් හමුවී සාකච්ඡා කිරීමට නියමිතය .

2025 දෙසැම්බර් මස 18
437
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
245
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1032
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඖෂධ සහ පාසල් දරුවන්ට උපකරණ ජපානයෙන් පරිත්‍යාග කරයි
samaadi Sunday, 21 August 2022 10:12 AM
හිගාකනවයි සම්මාදන් ලබාගන්නවයි ඇරෙන්න මේ පාලකයන්ට වෙන පුලුවන් දේවලුත් තියෙනවද?
anura Sunday, 21 August 2022 10:41 AM
ඉතාම අගේ කළ යුතු සත්ක්‍රියාවක්. නමුත් මෙහි කණගාටුදායක කාරණය වන්නේ පාසැල් වලට මේවා ගිය විට සමහර ගුරුවරු හා විදුහල්පතිවරු ඉන්වෙන්ට්‍රි පරිස්සම් කිරීමට මේවා දරුවන්ට අල්ලන්ටවත් නොදී අල්මාරිවල දාගෙන පරිස්සම් කිරීමයි.