(සුජිත් හේවාජුලිගේ)
වෛද්‍ය සැපයුම් අංශයට ලබාදීම සඳහා හදිසි යැයි පවසමින් රජයේ ඖෂධ නීතිගත සංස්ථාව 2018 වර්ෂයේදී මිලට ගත් එන්නත් ඒකක 7000 කින් 5612ක් 2020 වර්ෂයේ ජුලි 16 වැනිදා වනවිටත් ගබඩාවල ඉතිරිව තිබුණු බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ එහි අලුත්ම වාර්තාවක සඳහන් වේ.
ඒ අනුව මෙම ඖෂධයේ හදිසි අවශ්‍යතාවක් තහවුරු නොවූ බව එම කාර්යාලය සඳහන් කරයි.
ගැණුම් ඇණවුමකට අනුව (2018 වර්ෂය සඳහා වූ) ඉපොටින් ඉන්ජෙක්ෂන් (Epoetin Injection) 1000IU එන්නත් හත්දාහක් හැකි ඉක්මනින් වෛද්‍ය සැපයුම් අංශයට සැපයිය යුතු බව සැපයුම්කරුට දන්වා තිබූ අතර වෛද්‍ය සැපයුම් අංශ අධ්‍යක්ෂගේ 2019 ජුනි 19 දිනැති ලිපිය මඟින්ද මෙම එන්නත් හදිසි බව දන්වා තිබිණැයි විගණන නිලධාරීහු පෙන්වා දෙති.
2025 දෙසැම්බර් මස 18
190
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
160
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
964
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඖෂධ සංස්ථාවේ හදිසිය අතේ පත්තු වෙයි
සිල්වා Friday, 06 January 2023 04:56 PM
එම එන්නත් තොගය කල් ඉකුත් වී නැතිනම් ලොකු වාසියක් තමයි. ඒ කියන්නේ දැන් එම තොගය මිලදී ගන්නවා නම් තුන් ගුණයක් පමණ වැඩියෙන් ගෙවන්න වෙනවා.
Shantha Friday, 06 January 2023 05:24 PM
මේ වගේ හොර මගඩි වලට විරුද්ධව කවුද දැන් නඩු දාලා නීතිය ක්‍රියාත්මක කරන්න උනන්දු වෙන්නේ?දියවන්නාවෙ ඉන්න එවුන්ද..?එහෙම නැත්තං දේශපාලුවන්ට ගැතිකම් කරන තට්ටෙ ගාලා කහ සිවුරු පොරෝගෙන ඉන්න අයද..?
Samantha Friday, 06 January 2023 05:49 PM
Corruption and inefficiency is the rule of health ministry. Politicians and professionals steal tax payers money.