(යොහාන් භාසුර)
'ප්‍රෙඩ්නිසිලෝන්' නැමති ඖෂධය ගෙන්වීම සඳහා ඉදිරිපත් කර තිබූ ව්‍යාජ සහතික පිළිබඳව ඖෂධ අධිකාරීයට වාර්ථා වී තිබුණ ද ඒ පිළිබඳව විමර්ෂණ ඉතා සූක්ෂමව අයුරින් යට ගැසීම හේතුවෙන් ව්‍යාජ සහතික හරහා සිදුවූ ඖෂධ ජාවාරම පිළිබඳ විධිමත් පරීක්ෂණයක් කරන ලෙස ඉල්ලමින් පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (26) පැමිනිල්ලක් ඉදිරිපත් කලේය.
පසුගිය වසරේ සැප්තැම්බරයේදී ඉමියුනෝග්ලොබියුලින් පිළිබඳ ව්‍යාජ සහතිකය හෙලිදරව් වීමත් සමග, ප්‍රථම වතාවට එවන් තත්වයක් ඇතිවූවා සේ හඟවමින් ඖෂධ අධිකාරිය වරදින් ගැලවීමට උත්සාහ දරමින් සිටියද, ඊට පෙර එම වසරේ ජනවාරි මාසය තුල හමුවූ ව්‍යාජ සහතික හරහා සිදු වූ ජාවාරම යට ගැසීම හරහා ඖෂධ නියාමන අධිකාරිය හොර සහතික පිළිබඳව විධිමත් මැදිහත් වීමක් නොකරමින් දීර්ග කාලයක් තිස්සේ කල්මරමින් සිටින බවත් ව්‍යාජ සහතික හරහා ගෙන්වා ඇති ප්‍රෙඩ්නිසිලෝන් ඖෂධය පිළිබඳව පුර්ණ පරීක්ෂණයක් කරන ලෙසත්, ඉමියුනෝග්ලොබියුලින් සඳහා ඉදිරිපත් කර තිබූ ව්‍යාජ සහතික පිළිබඳ අනාවරණය නොවූ රහස් එමගින් හෙලිදරව් කර ගන්නා ලෙසත්, එම පැමිණිල්ලෙන් ඉල්ලා තිබේ.
2025 දෙසැම්බර් මස 18
264
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
183
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
990
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඖෂධ වංචාවක් ගැන තවත් පැමිණිල්ලක්