IMG-LOGO

ඖෂධ මිල වැඩි කරන්න අවසර

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

ඖෂධ මිල සියයට  29 කින් වැඩි කිරීමට මිල පාලන කමිටුව  අනුමැතිය ලබාදුන් බව ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පාර්ලිමේන්තුවේදී  අද (11) පැවසීය

ඇතැම් ඖෂධ ගෙන්වීම සඳහා  ණයවර ලිපි විවෘත කිරීමට මුදල් අමාත්‍යාංශය  අවශ්‍ය පහසුකම් සලසාදී ඇතැයිද  ඔහු කීවේය.

රටේ ඖෂධ හිඟයක් කෘතිමව ඇතිවුණේ  ඖෂධ මිල වැඩිවේ   යැයි සිතා ඇතැම් අලෙවිකරුවන් ඖෂධ රඳවාගෙන සිටීම නිසා යැයිද  ඔහු සඳහන් කළේය.

රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවසුවේ පත් කළ මන්ත්‍රීනී ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ඉදිරිපත් කළ පෞද්ගලික මන්ත්‍රී යෝජනාව පිළිබඳ  සභාව කල්තබන අවස්ථාවේ විවාදයේදීය.

ඖෂධ මිල  කිසිම අයකුට හිතුවක්කාරි ලෙස පාලනය කළ නොහැකි බව සඳහන් කළ  චන්න ජයසුමන මහතා ආනයනකරුවන් සතුව මාස හතරකට ප්‍රමාණවත් ඖෂධ ඇති බවද ප්‍රකාශ කළේය.

රජයේ ගබඩාවල මාස හයකට ප්‍රමාණවත් ඖෂධ ඇති බවත්  රටේ ඖෂධ හිඟයක් ඇතිවීමට කිසිසේත්ම ඉඩක් නැති  බවත්  ඔහු පැවසීය.



අදහස් (2)

ඖෂධ මිල වැඩි කරන්න අවසර

චන්දන Friday, 11 March 2022 10:42 PM

ඒ කියන්නේ පැරසිටමෝල් පෙත්තත් රුපියල් 5ක් වෙනවා. සතුටේ බෑ...

:       0       0

BamunuarachchiSaturday, 12 March 2022 05:23 PM

රුපියල් 2500ක් පමණ වියදම් කරලා පහුවෙනිදාට ගන්න ඔලුවේ කැක්කුම රුපියල් 5ට නැතිකර ගත්තාම සතුටු නැද්ද? ඒකත් පිනටද කරගන්න හදන්නේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 348 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 174 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1852 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site