IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


ඖෂධ මිලදී ගැනීමේ කමිටු දෙකට නැවතත් පණදීමේ සූදානමක්

(යොහාන් භාසුර)

සෞඛ්‍ය අමාත්‍යාංශය දේශීය ඖෂධ නිෂ්පාදකයන්ගෙන් ඖෂධ මිලදී ගැනීමේදී මිල කමිටු දෙකක් පවත්වාගෙන යෑමෙන් රජයට සිදුවියහැකි පාඩුව වළක්වා ගැනීම අනුගමනය කළ ප්‍රතිපත්තිය වත්මන් සෞඛ්‍ය ඇමති නලින්ද ජයතිස්ස මහතා ආපස්සට හැරවීමට කටයුතු කරමින් සිටින බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය චෝදනා කරයි.

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේෂ් මහතා කොළඹ අද (19) පැවති මාධ්‍ය හමුවකදී එසේ පැවසීය.

මිල කමිටු දෙකක් නොපැවැත්වීමට අමාත්‍ය මණ්ඩල අනුමැතියක් තිබියදී ඉතාම  සූක්ෂම ලෙස සියළු ඖෂධ සමාගම් අතර තරගය වළක්වමින් කොටස් වශයෙන් මිල කැඳවීම හරහා වැඩි මිලක් නිර්දේශ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය මෙම පියවර ගෙන ඇති බව ද කී ඒ මහතා පැවසුවේ මේ පිළිබඳව වහාම අවධානය යොමු කිරීම රජයේ සහ සෞඛ්‍ය අමාත්‍යවරයාගේ වගකීමක් බවත්ය.

හිටපු සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතා රජයට වියහැකි පාඩුව අවම කරගැනීම සඳහා එම ක්‍රියාමාර්ගය ගත් බවත් දේශීය ඖෂධ නිෂ්පාදකයෙන් කොටස් දෙකකට බෙදමින් සෞඛ්‍ය අමාත්‍යාංශය ‘සුපිරි මිල කමිටුවක්‘ සහ සාමාන්‍ය ‘මිල කමිටුවක්‘ පවත්වාගෙන යාම හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යාශය මිලදී ගන්නා ඖෂධ සඳහා නිවැරදි මිල තරගයක් ඇති නොවීම හරහා දැවැන්ත පාඩුවක් වූ බවත් ඒ මහතා කීය.



අදහස් (2)

ඖෂධ මිලදී ගැනීමේ කමිටු දෙකට නැවතත් පණදීමේ සූදානමක්

Vijay Thursday, 19 June 2025 03:40 PM

මෙයා මහ පිළිලයක්...

:       1       6

Kamal Koyrala Thursday, 19 June 2025 05:05 PM

වෘත්තීයවේදියන්ගේ මේ මිලදී ගැනීම් සියලු ආයතන වල නැවත රාජ්‍ය ප්‍රසම්පාදන සහ සැපයීම් දෙපාර්තමේන්තුවක් ඇති කළ යුතුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 554 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2261 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1697 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site