IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ඖෂධ නියාමනය කෝටි හතක් ගිලලා

(සුජිත් හේවාජුලිගේ)

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ විධායක නිලධාරියකු සහ මාණ්ඩලික නිලධාරීන් විසි දෙදෙනකු ඇතුළු නිලධාරීන් පිරිසකට කෝටි 7කට ආසන්න දීමනා 2021 වර්ෂයේදී අනුමැතියකින් තොරව ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ.

ආයතනයේ කාර්ය මණ්ඩලය සඳහා කොව්ඩ් 19 දිරි දීමනා යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කර සාමාන්‍ය රාජකාරි දින හා නිවාඩු දිනයන් ලෙස නොසලකා රාජකාරියට වාර්තා කරන දිනකට දින එකහමාර බැගින් දීමනා ගණනය කර 2020 වර්ෂයේදී 17843781ක්ද 2021 වර්ෂයේදී 44273092ක් වශයෙන් රුපියල් 62116873ක මුදලක් භාණ්ඩාගාරයේ අනුමැතියකින් තොරව ගෙවා තිබූ බවද එම වාර්තාවේ දැක්වේ.

තවද ආයතනයේ විධායක නිලධාරීයකු ඇතුළු මාණ්ඩලික නිලධාරින් විසි දෙදෙනකුට රුපියල් නව ලක්ෂයකට වැඩි මුදලක් 2021 වර්ෂයේදී අනුමැතියකින් තොරව ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය පවසයි.

මෙම දීමනා ගෙවා ඇතැයි පැවසෙන්නේ නිවාඩු දින 415ක් වෙනුවෙනි.

මේ අතර ඖෂධ නියාමන අධිකාරිය ඩොසියර පවත්වාගෙන යෑමේදී හා අදාළ ලේඛන සකස් කිරීමේ දී නොසැලකිලිමත්ව හෝ හිතාමතාම වැරදි තොරතුරු ඇතුළත් කර තිබූ බවත් ඇතැම් අත්‍යවශ්‍ය ලේඛන පවා ඩොසියර තුළ ඇතුළත් කර නොතිබූ බවත් එම විගණන වාර්තාවේ සඳහන් වේ.

එසේම තාක්ෂණික ඇගයීම් පිරික්සුම් ලැයිස්තුව තුළ සාවද්‍ය තොරතුරු ඇතුළත් කර තිබූ බව පවසන වාර්තාව ඖෂධ බලපත්‍ර මාර්ගගත ක්‍රමයට 2019 සහ 2020 වර්ෂවලදී දීර්ඝ කිරීමේදී විධිමත් අනුමැතියක් නොලද නිලධාරීන් ඒවාට අත්සන් යොදා තිබූ බවද සඳහන් කරයි.

 



අදහස් (3)

ඖෂධ නියාමනය කෝටි හතක් ගිලලා

Nimal Monday, 28 August 2023 09:01 AM

මේ අය තමන්ට හිමිකමක් නැති දීමනා ලබාගනිද්දී ,අහිංසක රෝගීන් මේ අය ගෙන්වූ බල ඖෂධ නිසා කීවිතවලින් වන්දි ගෙවනවා .ඇමති නිදි

:       0       0

Jay Monday, 28 August 2023 09:44 AM

හොර ගුහාවක් මේවා කෙසේ හෝ අය කර ගත යුතුයි

:       0       0

MAHESH Monday, 28 August 2023 08:25 PM

ලංකාවේ ඉන්න සුපිරිම කොමිස් කාක්කෝ ඉන්නේ ඔතන .හොඳ ගානක් දුන්නොත් පාන් පිටි ගුලියක් වුණත් පාස් කරගත්ත හැකි බෙහෙතක් කියලා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 362 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site