(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මෙරට ජනතාවගේ භාවිතයට අත්‍යාවශ්‍යම ඖෂධ හඳුනා ගැනීම සඳහා ඉහළ පෙළේ තාක්ෂණික කමිටුවක් පිහිටුවීමට ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන ජාතික සභා අනු කමිටුව තීරණය කර ඇත.
මෙරටට ආනයනය කරනු ලබන ඖෂධ වර්ග වැඩි සංඛ්‍යාවක් මෙරට ජනතාවගේ භාවිතයට අත්‍යාවශ්‍යම ඒ්වා නොවන බවත්, එක් ඖෂධ වර්ගයක් සඳහා සන්නාම විශාල ප්‍රමාණයකින් ඖෂධ ආනයනය කිරීම සම්බන්ධයෙන් නිසි නියාමනයක් සිදු නොවීම විශාල ගැටළුවක් බවත් එම කමිටුවේ දී දීර්ඝව සාකච්ඡා කෙරිණ.
ඒ් නිසා මෙරට ජවතාවගේ ඖෂධ අවශ්‍යතාවය සහ එය සපුරාලීමට අත්‍යාවශ්‍යම ඖෂධ මොනවාද යන්න හඳුනා ගැනීම සඳහා කොවිඩ් 19 වසංගත සමයේ පැවති ආකාරයේ ඉහළ පෙළේ තාක්ෂණික කමිටුවක් නැවත ස්ථාපනය කිරීම කෙරෙහි අවධානය යොමු විය.
2025 දෙසැම්බර් මස 18
280
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
186
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
993
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඖෂධ ආනයනය සොයන්න තාක්ෂණික කමිටුවක්