IMG-LOGO

2025 නොවැම්බර් මස 28 වන සිකුරාදා


ඕස්ට්‍රේලියාවේ ස්ටෝබෙරි ගමක් ලංකාවේ

(අංජුල මහික වීරරත්න)

නුවරඑළියේ පිහිටි මෙරට ප්‍රථම ස්ට්‍රොබෙරි වගා ආදර්ශ ගම්මානයේ පැළ රෝපණ කටයුතු අවසන් බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

මෙම ස්ට්‍රොබෙරි වගා ආදර්ශ ගම්මානය නුවරඑළියේ ගම්මාන හතරක් පදනම් කර ගනිමින් ස්ථාපිත කිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් පියවර ගෙන ඇත.

රුපියල් කෝටි  දෙකක වියදමින් ගොවීන් 50ක් යොදා ගනිමින් ආරක්ෂිත ගෘහ 42ක් තුළ මෙම ස්ට්‍රොබෙරි වගාව ආරම්භ කර ඇත.

අපනයනය කළ හැකි සෑම පළතුරු හා එළවළු වගාවක් සඳහා ම ආදර්ශ ගම්මානයක් බැගින් පිහිටුවීමට පියවර ගන්නැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් දී ඇති උපදෙස් පරිදි මෙම ස්ට්‍රොබෙරි ආදර්ශ වගා ගම්මානය ස්ථාපිත කර තිබේ.

මෙම ස්ට්‍රොබෙරි වගාව සඳහා ඕස්ට්‍රේලියාවේ සිට මෙරටට ආනයනය කරන ලද ස්ට්‍රොබෙරි පැළ ගොවීන් අතර බෙදා දීමට පියවර ගත් බවත්  ආරක්ෂිත ගෘහ තුළ පැළ රෝපණ කටයුතු මේ වනවිට මුළුමනින්ම අවසන් කර තිබෙන බවත්  ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් ඒ.එම්.එච්. එල්. අබේරත්න මහතා පැවසීය.



අදහස් (9)

ඕස්ට්‍රේලියාවේ ස්ටෝබෙරි ගමක් ලංකාවේ

sam Tuesday, 28 May 2024 12:28 PM

හොඳට ලාභ එනකොට පිට රට සමාගමකට විකුණලා කමු.. එක තමයි ලංකාවේ දේශපාලුවන්ගේ ප්‍රතිපත්තිය

:       22       25

KasunTuesday, 28 May 2024 01:24 PM

අනේ Sam.. හැමදාම දේශපාලුවොන්ට බැන බැන ඉන්නේ 3% කට්ටියනේ .කිසිම වෙනසක් රටේ කරන්න දෙන්නේ නැති කට්ටිය ඔයාට පෙන්නේ නැද්ද ?

:       9       16

රංබොඩ Tuesday, 28 May 2024 12:43 PM

මේවා පරිස්සමෙන් කරන්න ඇතැයි කියා සිතමි. නැත්නම් ඔය රටවල් අපට එවන දේවල් වලින් අපේ රටට අවේනික වගාවන් විනාශ වෙලා යනවා. බණ්ඩාරවෙල ඇපල් වගාව, බිබිලේ දොඩම් වගාව හොඳ උදාහරණ. දැන් අපේ ඉරිඟුත් නෑ. ගස්ලබුත් නෑ.

:       1       22

පාඨකයෙක්Tuesday, 28 May 2024 06:15 PM

ස්ට්‍රෝබෙරි අපේ රටට ආවේණික පළතුරක් නොවෙයි. බ්‍රිතාන්‍ය පාලන කාලයේ නුවරඑළිය, හපුතලේ, බණ්ඩාරවෙල වාගේ ශීත ප්‍රදේශවල තේ වතුවල ප්‍රධානීන්ගේ ගෙවතු වගාවක් ලෙස පැවති පලතුරක්. මෙරටට ආවේණික බෝග වර්ග වඳවීමට ඉඩ නොදී රැකගැනීම අප කාගේත් යුතුකමක්. පලතුරු මිලට ගන්නා විට පැරණි ප්‍රභේද මිලට ගන්නට හැකි අවස්ථා තිබෙනවා. විශේෂයන්ම ගස්ලබු වර්ග ගම්වල පොළවල්වලින් ලබාගන්න පුළුවන්. ඔබට වගා කරන්න ඉඩක් නැත්නම් ගස්ලබු ඇට ටික වගාවට ඉඩ තියෙන නෑයින්ට, අසල්වැසියන්ට හෝ මිතුරන්ට දෙන්න. ගෙඩියක් හැදුණාම තමන්ටත් දෙන්න කියන්න. අපි නම් දේශීය බෝග රැකගන්නේ එහෙමයි.

:       1       8

Kasun Tuesday, 28 May 2024 01:02 PM

ලංකාවේ ඇපල් වගාවක් පටන් ගන්නේ නැත්තේ ඇයි? මිනිස්සු වැඩිපුරම කන්න කැමති පලතුරක්.. එක පැළයක් වත් හදන්නේ නෑ. සමහරවිට හදන්න දෙන්නේ නැතිව ඇති පිටරටින්.. එයාලා ව්‍යාපාර නැති වෙනවානේ.

:       3       29

පාඨකයෙක්Tuesday, 28 May 2024 01:49 PM

පහුගිය අවුරුද්දේ මේ රටේ වවපු ඇපල් ගස්වලින් ලැබුණු ඵලදාව ගැන වාර්තාවක් ලංකාදීපයේ පළ කරලා තිබුණා. ඒ කටයුත්ත කරපු අය ජනාධිපති මුණගැහුණු වෙලාවේ ඵලදාවෙන් ඔහුටත් ගෙඩි කිහිපයක් තෑගි කරලා තිබුණා මතකයි.

:       1       14

Siri Tuesday, 28 May 2024 02:20 PM

එච්චරයි අඩුවකට තිබ්බේ. ලෝකයේ මෙච්චර රසවත් ගුණවත් පලතුරු ඉබේට හැදෙන අපේ රටේ ඒවා ක්‍රමානුකුලව වගාකර තවදුරටත් ආර්ථික බෝග හැටියට වැඩිදියුණු කරගන්නේ නැතුව කිසි රසයක් හෝ ගුණයක් නැති ඇඹුල් පලතුරු බෝකරන්නේ මොන රුදාවකටද මන්දා. "ලාභෙට ලැබෙනවානම් හොරිත් හොඳයි" කිව්වලු කහ කහ ඉන්න.

:       11       2

Lalla Tuesday, 28 May 2024 03:44 PM

දිවුල් ලෝකයේ කොහෙවත් නැති පලතුරක්. ජෑම් හදන්න එතරම් හොඳ වෙන දෙයක් ඇත්තේම නැති තරම්ය. ඒත් අපේ කෘෂිකරුමය ඒ වගාව දියුණුවට කිසිම දෙයක් කරල නෑ.බද්ධ පැලවත් සොයන්න නෑ.ඇයි ඒ?

:       0       11

පාඨකයෙක්Tuesday, 28 May 2024 05:56 PM

ඇට අඩු, ගහේ කටු නැති බද්ධ කළ දිවුල් පැල වගාවක් ගැන සති 3කට විතර කලින් පුවත් පතක පළවෙලා තිබුණා. පැළ අවශ්‍ය අයට මිලට ගන්නත් පුළුවන් කියලා තිබුණා. සොයා බලන්න.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 186 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 253 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1139 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site