
(විමුක්ති එස් රුද්‍රිගු)
ඕස්ට්‍රේලියාවේ සිඩ්නි බොන්ඩි වෙරළේ පුද්ගලයන් දෙදෙනෙකු සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයන් 10 ක් මියගොස් තවත් 11 ක් තුවාල ලබා ඇතැයි එරට පොලිසිය ප්‍රකාශ කළහ.
වෙඩි තැබීම සිදුකළා යැයි සැකකෙරෙන පුද්ගලයන් දෙදෙනකු අත් අඩංගුවට ගැනීමට සමත් වූ බවත් 50 වතාවක් පමණ ඔවුන් සිය ගිනිඅවි වලින් ජනතාව දෙසට වෙඩි තබා ඇති බවත් නිව් සවුත් වේල්ස් පොලිසිය පැවැසුවේය.
හනුක්කා නම් දින 8 ක පැවැත්වෙන යුදෙව් උත්සවයක ආරම්භක දින රාත්‍රියේදී මෙම වෙඩි තැබීම සිදුව ඇත.
සැකකරුවන් ළමයින් සහ වැඩිහිටියන් කියා භේදයකින් තොරව සියලු දෙනාටම වෙඩි තැබූ බව සිද්ධිය ඇසින් දුටු සාක්ෂිකරුවන් පොලිසියට සාක්ෂි දෙමින් ප්‍රකාශ කර තිබේ. සිද්ධිය පිළිබඳව පුළුල් විමර්ශනයක් සිදු කෙරෙන බවද නිව් සවුත්වේල්ස් පොලිසිය පවසා ඇත.
2025 දෙසැම්බර් මස 16
41
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
836
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
604
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ඕස්ට්‍රේලියාවේ වෙඩි තැබීමක් 10ක් මරුට
Don perea Monday, 15 December 2025 01:29 AM
ලෝකයට තියෙන ලොකුම පිළිකා කාරක ආගම
සෙනෙවිරත්න Monday, 15 December 2025 01:40 PM
මෙහෙත් සමහරු තලේබාන් පන්නයේ විදියට රටේ ප්‍රධාන ආගම හසුරවන්න හරි කැමැතියි. හැබැයි ඔවුන්ට ඔය ජාතියේ වැඩ කරන්න කොන්දක් නැති නිසා මිනිස් මනසට බොරු මනස්ගාත ඇතුල් කරලා කුපිත කරලා ජනතාව ලවා මේවා කරන්න උත්සාහ කරනවා. ඒක පරාජය කරමු. මීයො වගේ හැංගිලා ඉඳලා සිද්ධියක් වුණාම ඒකට හරියන පජාති චැනල් දෙකත් ඉස්සර කරගෙන එළි බහිනවා.