IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ඕස්ට්‍රේලියාව සිව්වැනි ජය ලබයි

(යොහාන් භාසුර )

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලියේ පළමු වටයේ 27 වැනි තරගය ලෙස ධරම්ශාලාහිදී අද (28) පැවැති තරගයේදී ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයෝ ලකුණු 5 කින් නවසීලන්තය පරාජය කරමින් තියුණු ජයක් ලැබීමට සමත් වූහ.

ඕස්ට්‍රේලියානු පිල මෙම වඩාත් තීරණාත්මක ජයග්‍රහණයත් සමග සහභාගි වූ තරග 6 යේදී තරඟ 4 ක් ජය ලබා ප්‍රසාද ලකුණු 8 ක් සමගින් ශුද්ධ ලකුණු වේගය අනුව ප්‍රසාද ලකුණු සටහනේ සිවුවැනි ස්ථානයේ තවදුරටත් රැඳී සිටියි.

නවසීලන්තය මෙම තරඟය පරාජය වුවද තරඟ හතරක් ජය ලබා ප්‍රසාද ලකුණු 8 ක් සමගින් ශුද්ධ ලකුණු වේගය අනුව තුන්වැනි ස්ථානයේ තව දුරටත් රැඳී සිටි.

ඕස්ට්‍රේලියානු පිල ඕවර 49.2 කදී සියලු දෙනා දැවී 388 (ඩේවිඩ් වෝනර් 81, ට්‍රෙවිස් හෙඩ් 109, මිචෙල් මාෂ් 36, ස්ටීව් ස්මිත් 18, මානස් ලැබුෂේන්18, ග්ලේන් මැක්ස්වෙල් 41, ජෝෂ් ඉන්ලිස් 38, පැට් කමින්ස් 37, ටේ‍රන්ට් බෝල්ට් 77/3, මිචෙල් සැන්ට්නර් 80/2, ග්ලෙන් පිලිප්ස් 37/3) නවසීලන්ත පිල ඕවර 50 යේදී කඩුලු 9 ට 383 (ඩෙවෝන් කොන්වේ 28, විල් යංග් 32, රචින් රවීන්ද්‍රා 116, ඩැරිල් මිචෙල් 54, ටොම් ලෙතම් 21, මිචෙල් සැන්ට්නර් 17, ජේම්ස් නීෂම් 58, ජෝෂ් හෙෂල්වුඩ් 70/2, පැට් කමින්ස් 66/2, ඇඩම් සම්පා 74/3)

 



අදහස් (0)

ඕස්ට්‍රේලියාව සිව්වැනි ජය ලබයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 139 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site