IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ඕමාන මිනිස් ජාවාරමේ ජාලය හදුනාගෙන අවසන්

 

(යොහාන් භාසුර)

ඕමානයේදී විවිධ අතවරයන්ට මුහුණ දුන් ශ්‍රී ලාංකික කාන්තාවන් එරටට යැවීමේ ජාවාරමට සම්බන්ධ ජාලය මේ වන විට අනාවරණය කරගෙන ඇති බවත් එම සිද්ධිය සම්බන්ධයෙන් විදේශ සේවා නියුක්ති කාර්යංශය සහ පොලිසිය එක්ව විමර්ශනය ක්‍රියාත්මක කරමින් සිටින බවත් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සාමාන්‍යාධිකාරී ඊ. ඩී. බී. සේනානායක මහතා අද (21) පැවසීය.

ඕමානයේදී අතවරයට ලක්වූ කාන්තාවන් ජාවාරම්කරුවන්ගේ උවමනාට විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ගුවන්තොටුපළ කාර්යාලයට ව්‍යාජ තොරතුරු දී නීතියානුකූල නොවන ආකරයට විදේශගතවී ඇති බව කී සේනානායක මහතා කිසියම් පුද්ගලයෙක් සංචාරක වීසාවලින් විදේශගත වීම නතර කිරීමට විදේශ සේවා නියුක්ති කාර්යංශයට බලයක් නොමැති බව ද සඳහන් කළේය.

මෙම පිරිසෙන් වැඩි සංඛ්‍යාවක් ගුවන් මගින් එක්සත් අරාබි එමිර් රාජ්‍යයට ගොස් ගොඩබිම හරහා ඕමානයට ගොස් ඇති බව අනාවරණය වී ඇති බව ද සේනානායක මහතා වැඩි දුරටත් කීය. 



අදහස් (0)

ඕමාන මිනිස් ජාවාරමේ ජාලය හදුනාගෙන අවසන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 123 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 949 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site