IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ඕමාන තානපති නිලධාරියා ගැන කෝපා කමිටුවෙත් කතා කරලා

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

ඕමාන තානාපති කාර්යාලයේ වැඩ තහනමට ලක්වූ නිලධාරියාට එරෙහිව පැමිණිලි පසුගිය වසරේ පෙබරවාරි මාසයේ සිට ලැබී තිබුණද ඔහු සම්බන්ධයෙන් තීරණයක් ගැනීම ප්‍රමාදවී තිබූ බව රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝපා )  තොරතුරු අනාවරණය විය.

මෙම කමිටු රැස්වීමේදී අතිරේක විගණකාධිපති. පී.එල්.කේ පෙරේරා මහතා පැවසූවේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හිටපු සභාපතිවරයා මේ වසරේ පෙබරවාරි මස 28 වෙනි දින එම නිලධාරියා සම්බන්ධයෙන් අභ්‍යන්තර විගණන කාර්යාලය මාර්ගයෙන් පරීක්ෂණයක් කරන ලෙස ඉල්ලා තිබූ බවයි.

එසේම මෙම පුද්ගලයාට එරෙහිව මුදල් වංචා, සහතික වංචා චෝදනා පවා එල්ල වී තිබූ බවද අතිරේක විගණකාධිපතිවරයා පැවසීය.

මේ අනුව මෙම පුද්ගලයා තනතුරේ රැදී සිටියහොත් පරීක්ෂණවලට බාධා විය හැකි බැවින් වහාම මෙරටට ගෙන්වීමට කටයුතු කරන ලෙස විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හිටපු සභාපති මේජර් ජනරාල් මහින්ද හතුරුසිංහ මහතා ‍මෙම වසරේ පෙබරවාරි මසදී අමාත්‍යාංශයෙන්ද ඉල්ලීමක් කර ඇති බව මෙහිදී තොරතුරු අනාවරණය විය.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙහිදී පැවසුවේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හිටපු සභාපතිවරයාගේ ඉල්ලීමට අනුව එම නිලධාරියා සම්බන්ධයෙන් අභ්‍යන්තර විගණන කාර්යාලය හරහා පරීක්ෂණයක් කළද චෝදනා තහවුරු කිරීමට නොහැකි වූ බවයි.

ඕමානයේ මෙරට තානාපතිවරයාගෙන් ලබාගත් වාර්තාව සහ සහ නොවැම්බර් මාසයේ 4 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ලැබුණු පරීක්ෂණ වාර්තාව මත නිලධාරියාගේ වැඩතහනමකට ලක් කළ බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙහිදී ප්‍රකාශ කළේ‍ය.

මෙම නිලධාරියා සම්බන්ධයෙන් කඩිනමින් පියවර නොගැනීම සම්බන්ධයෙන් කෝපා කමිටුව විදෙස් සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරින්ට දැඩි අප්‍රසාදය පළ කළේය.

මෙහිදී කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ ලේකම්වරයා පැවසුවේ තමා මෙම අමාත්‍යාංශයට පැමිණියේ මෙම වසරේ මැයි මාසයෙන් පසුව වුවද සිද්ධියේ වගකීම බාර ගන්නාබවයි.

මෙහිදී කමිටුව පෙන්වා දුන්නේ ලේකම්වරයා වෙනස් වුවද නිලධාරීන් මෙහි වගකීම දැරිය යුතු බවයි.



අදහස් (0)

ඕමාන තානපති නිලධාරියා ගැන කෝපා කමිටුවෙත් කතා කරලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 108 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site