IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


ඕඩිසි දුම්රියේ ටිකට් වංචා කළ තවත් ත්‍රිරෝද රියදුරෙක් අල්ලයි

 

( ෂේන් සෙනෙවිරත්න)

මහනුවර සිට ඇල්ල දක්වා දිවෙන ඔඩිසි දුම්රියේ රුපියල් 4000ක් වටිනා දුම්රිය ඊ ටිකට් පත් දෙකක් බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවන් දෙදෙනෙකුට රුපියල් 28,000කට අලෙවි කළ බව කියන ත්‍රී රෝද රථ රියදුරෙකු මහනුවර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය මගින් අත් අඩංගුවට ගෙන තිබේ.

රාජ්‍ය බුද්ධි තොරතුරු ඒකකයට ලද තොරතුරකට අනුව මහනුවර කොට්ඨාස භාර ජේෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායක මහතාගේ මෙහෙයවීමෙන් අද (26) පෙරවරුවේ ඇල්ල ඔඩිසි දුම්රියට ඇතුළු වූ විශේෂ පොලිස්‌ කණ්ඩායමක් අදාළ බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවන් දෙදෙනාගෙන් ප්‍රකාශ ලබාගෙන ඇති අතර එම කාන්තාවන් දෙදෙනා එහිදී ප්‍රකාශ කොට ඇත්තේ මෙම දුම්රිය ඊ ටිකට් පත් දෙක අතරමැදියකු මාර්ගයෙන් රුපියල් 28,000ක මුදලකට ලබාගත් බවයි.

පොලිසිය විසින් සිදු කරන ලද වැඩිදුර විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ රියදුරෙකු විසින් මෙම ඊ ටිකට්පත් දෙක බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවන් දෙදෙනාට අලෙවි කිරීම සඳහා ත්‍රී රෝද රථ රියදුරුට ලබා දී ඇති බවයි.

ඒ ආකාරයට අලෙවි කරන එක් දුම්රිය ටිකට් පතකින් රුපියල් 5000ක මුදලක් ත්‍රිරෝද රථ රියදුරුට ලැබෙන බවටද ත්‍රිරෝද රථ රියදුරු පොලිසියට ප්‍රකාශ ලබා දී තිබේ.

ඔහු කලක් තිස්සේ මෙම ජාවාරම සිදු කරගෙන ගොස් ඇති බවටද පොලිස් විමර්ශන වලදී අනාවරණය වී තිබේ.

මේ සම්බන්ධයෙන් වූ වැඩිදුර විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදීමට නියමිතය.



අදහස් (3)

ඕඩිසි දුම්රියේ ටිකට් වංචා කළ තවත් ත්‍රිරෝද රියදුරෙක් අල්ලයි

sarath Sunday, 26 January 2025 03:36 PM

ඊ ටිකට් පතේ හැඳුනුම් පතේ අංකය හෝ පාස්පෝර්ට් එකේ අංකය සඳහන් කර, ටිකට් පත අන්සතු කිරීම තහනම් කියා සඳහන් කරොත්, මේ වංචාව නතර කර ගැනීම මෙතරම් අමාරු ඇයි කියන එක ප්‍රශ්නයක්...

:       0       34

විජිත් Sunday, 26 January 2025 06:13 PM

ඉතාමත් හොඳ අදහසක් !!! මේ මාෆියාව නතර කරන්න තියෙන එකම ක්‍රමය ඊ ටිකට් සම්පුර්ණයෙන්ම නැවැත්වීම හෝ ඔබ කිව් විදිහට පාස්පෝර්ට් හෝ හැඳුනුම්පතේ අංකය ටිකට් එකේ සඳහන් කිරීමයි. දුම්රිය බලධාරීන්ගේ අවධානය පිණිසයි.

:       0       7

දත්තකීර් Sunday, 26 January 2025 07:12 PM

ප්‍රශ්නය මෙයයි, ඒ ටිකට්පත්වල ඔබ කියූ පරිදි හැඳුනුම්පත හෝ පාස්පෝට් එකෙ නොම්මර ගැහුවාට වැඩක් නැහැ. වේදිකාවට ඊ ප්‍රවේශ පත්‍ර මගින් ඇතුල් වෙන්න වෙනම දොරටුවක් විවෘත කර එමගින් ඔවුන්ගේ අනන්‍යතාව තහවුරු කරන්න පුළුවන් නම්...!

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 43 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 878 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2514 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site