IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ඔස්ට්‍රෙිලියා සිහින පෙන්වා ගුරුවරියගේ සල්ලිවලට විදලා

(ඉන්දිකා  රාමනායක)

කයිට්ස් ප්‍රදේශයේ පදිංචි ගුරුවරියක්  ඕස්ට්‍රෙිලියාවට යවන බවට පවසා ඇගෙන් රුපියල් ලක්ෂ 75 ක මුදලක් වංචා කළ ව්‍යාජ විදේශ රැකියා ආයතනයක් පවත්වාගෙන ගිය පුද්ගලයකු යාපනය  විශේෂ අපරාධ විමර්ශන ඒකකය මගින් කොල්ලුපිටිය ප්‍රදේශයේ දී  අත්අඩංගුවට  ගෙන ඇත.

 සැකකරු  දෙහිවල පදිංචි (44) හැවිරිදි පුද්ගලයකු බවත්,   වැල්ලවත්ත ප්‍රදේශයේ  මෙම ව්‍යාජ  රැකියා ඒජන්සිය සැකකරු පවත්වාගෙන ගොස් ඇති බවද පොලිසිය කියයි.

 මෙම ගුරුවරිය   ඉකුත් 2022 වසරේ ජනවාරි සහ  පෙබරවාරි අතර  කාලය තුළ  අවස්ථා දෙකකදි සැකකරුවෙත වෙත මෙම මුදල් බැරකර ඇති බව පොලිය පවසයි.

නියම කර ගත් දිනට විශේෂ ගත කිරීම සිදු නොකළ හෙයින් සැකකරු හමුවීමට ඉහත ගුරුවරිය අවස්ථා කිහිපයකදිම කොළඹ පැමිණ ඇති අතර සැකකරු  ඔහුගේ ඒජන්සිය වසා දමා  ජංගම දුරකතන ද විසන්ධි කර සැඟව සිට ඇති බව  පොලිසිය පවසයි.

මේ සම්බන්ධයෙන්  අදාල ගුරුවරිය  යාපනය  විශේෂ අපරාධ විමර්ශන ඒකකය වෙත කළ පැමිණිල්ලකට අනුව     පොලිසිය විමර්ශන පවත්වා   මෙම සැකකරු  කොල්ලුපිටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත.
 

 



අදහස් (0)

ඔස්ට්‍රෙිලියා සිහින පෙන්වා ගුරුවරියගේ සල්ලිවලට විදලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 992 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site