දින 25 ක චන්ද්‍ර මෙහෙයුම අවසන් කරමින් ආපසු ආ ඇමෙරිකාවේ නාසා ආයතනයේ ‘ඔරායන්’ ගගන කැප්සියුලය ඊයේ (11) පැසිෆික් සාගරයට පතිත කෙරුණි.
පැයට කිලෝ මීටර් 40,000 ක වේගයකින් පෘථිවි වායුගෝලයට පිවිසී ගිනිගෙන දැවෙමින් වේගයෙන් පහළට ආ කැප්සියුලයේ ගමන් වේගය අඩාල කරමින් සෙමින් සාගරයට පතිත කිරීම සිදුවූයේ යෝධ පැරැෂූට් ආධාරයෙනි.
ඇමෙරිකන් නාවික හමුදාව කැප්සියුලය පැමිණෙන තුරු බලා සිටියේය. කැල්සියුලය යළි භාවිතයට ගැනීම සිදුවෙයි.
‘ඔරායන්’ ගගන කැප්සියුලය සඳ බලා ගියත්, සඳට ගොඩබෑවේ නැත. එය සඳුගේ කක්ෂයේ රැඳී සිටිමින් ආපසු පෘථිවිය බලා පැමිණියේය. ‘ඔරායන්’ ගගන කැප්සියුලය සඳට ගියේ ‘ආර්ටිමිස් 1‘ පුහුණු මෙහෙයුම යටතේය.
(රොයිටර්)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ඔරායන් කැප්සියුලය පැසිෆික් සාගරයට
Ananda Monday, 12 December 2022 10:36 AM
මට නම් තවමත් සැකයක් තියෙන්නෙ ඇපලෝ 11 මෙහෙයුම ගැන
මහේෂ් Monday, 12 December 2022 11:01 PM
ඔබ හිතුවාද ඔච්චර ලොකු බොරුවක් මෙච්චර කාලයක් තියාගෙන ඉන්න පුළුවන් කියලා. ඕක එහෙනම් චීනය හෝ රුසියාව බොරුවක් කියලා පෙන්නනවා. අවිශ්වාස කරන්න තරම් දෙයක් එකේ නෑ.