IMG-LOGO

‘ඔමික්‍රෝන්’ උප ප්‍රභේද දෙකක් ගැන බියක්

සිරුරේ ප්‍රතිශක්තිය අඩපණ කරන ‘කොවිඩ් 19’ උප ප්‍රභේද දෙකක් සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය විමසිල්ලෙන් පසුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. විද්‍යාඥයන් මෙම නව ප්‍රභේද නම් කර ඇත්තේ ‘බී.ඒ.4’ සහ ‘බී.ඒ.5’ යනුවෙනි.

‘බී.ඒ.4’ සහ ‘බී.ඒ.5’ ඔමික්‍රෝන් උප ප්‍රභේද සිරුරේ ප්‍රතිශක්තිය අඩපණ කරන බවත්, කොරෝනා එන්නත්වලට පවා ප්‍රතිරෝධයක් දක්වන බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයට පෙන්ව දී ඇත්තේ දකුණු අප්‍රිකාව වයිරස විශේෂඥයන්ය.

‘ඔමික්‍රෝන්’ ප්‍රභේදයට පළමුවෙන් හඳුනා ගනිමින් ඒ බව ලොවට ප්‍රසිද්ධ කළේ ද දකුණු අප්‍රිකා විද්‍යාඥයන්ය. ලොව ප්‍රමුඛ පෙළේ වයිරස පර්යේෂණ ආයතන ඇත්තේ ද දකුණු අප්‍රිකාවේය.

මේ වනවිට දකුණු අප්‍රිකාව පස්වැනි කොරොනා රැල්ලෙන් පීඩා විඳින බව පැවැසෙයි.

පළමු ඔමික්‍රොන් විකෘතිය, ‘බී.ඒ.1’, ‘බී.ඒ.2’ සහ ‘බී.ඒ.3’ ආදී වශයෙන් බෙදී වෙන්වී ගොස් ඇති අතර, මෙම උප ප්‍රභේද තුනට වඩා අලුතින් හඳුනා ගැණුනු ‘බී.ඒ.4’ සහ ‘බී.ඒ.5’ උප ප්‍රභේද බිහිසුණු බවත්, එය යළිත් වරක් ලොව පුරා කොරෝනා වසංගත රැල්ලක් ඇති කිරීමට හේතුවක් වීමට ඉඩ ඇති බවත් දකුණු අප්‍රිකා වයිරස විශේෂඥයන් ලෝක සෞඛ්‍ය සංවිධානයට පැහැදිලි කර තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය ‘බී.ඒ.4’ සහ ‘බී.ඒ.5’ උප ප්‍රභේද ගැන විමසිල්ලෙන් පසුවන්නේ එබැවිනි.

(රොයිටර්)



අදහස් (1)

‘ඔමික්‍රෝන්’ උප ප්‍රභේද දෙකක් ගැන බියක්

ravin Monday, 02 May 2022 11:33 AM

අපොයි, ඔමික්‍රෝන්/ කෝවිඩ් කියන්නේ සුළු වසංගතයක්. රට වනසන වසංගතයෙන් බේරෙන්න විදිහක් ගැන තමයි මෙරට විශේෂඥයෝ හොයන්නේ. හෙට ජීවත් වුණොත් ඔමික්‍රෝන්වලින් බේරෙන විදිහ හොයාගන්න.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 183 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 335 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 676 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site