‘කොවිඩ් 19’, ‘එක්ස්.බී.බී.1.5’ ඔමික්‍රෝන් උප ප්‍රභේදය ගැන සැලකිලිමත් විය යුතු යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.
මේ වනවිය ලොව රටවල් රැසක කොවිඩ් 19 ආසාදිතයන්ගේ ඉහළ යෑමක් සිදුවී ඇත්තේ ද එක්ස්.බී.බී.1.5 ඔමික්‍රෝන් උප ප්‍රභේදය හේතුවෙනි.
ඇමෙරිකාවේ වාර්තා වන ‘කොවිඩ් 19’ ආසාදිතයන්ගෙන් සියයට 40 කට ආසාදනය වී ඇත්තේ ‘එක්ස්.බී.බී.1.5’ ඔමික්‍රෝන් උප ප්‍රභේදය බව ඇමෙරිකන් රෝග පාලනය සහ වැළැක්වීමේ මධ්‍යස්ථානයේ වෛද්‍ය පර්යේෂකයන් පැහැදිලි කර තිබේ.
මේ වනවිට චීන ජනගහනයෙන් සියයට 70 කට ‘කොවිඩ් 19’ ආසාදනය වී ඇත. ඔවුන්ගෙන් වැඩි පිරිසකට ආසාදනය වී ඇත්තේ ද ‘එක්ස්.බී.බී.1.5’ ඔමික්‍රෝන් උප ප්‍රභේදයයි. ඊට අමතරව තවත් ඔමික්‍රෝන් උප ප්‍රභේද තුනක් චීනයේ ව්‍යාප්ත වෙයි.
ඉන්දියාව, සිංගප්පූරුව ආදී රටවලින් ද ‘එක්ස්.බී.බී.1.5’ ඔමික්‍රෝන් උප ප්‍රභේදය වාර්තා වී තිබේ.
‘එක්ස්.බී.බී.1.5’ ඔමික්‍රෝන් උප ප්‍රභේදය බිහිසුණු බවට වෛද්‍ය පර්යේෂකයන් අනතුරු අඟවා ඇත්තේ එම උප ප්‍රභේදය ‘කොවිඩ් 19’ වයිරසයට එරෙහිව සිරුරේ ඇතිවන ප්‍රතිදේහවලට ප්‍රතිරෝධයක් දැක්වීමය.
‘කොවිඩ් 19’ සඳහා ලබා දුන් එන්නත් සහ බූස්ටර් එන්නත්වලින් ලැබුණු ප්‍රතිශක්තියත්, ‘කොවිඩ් 19’ ආසාදනය වී ස්වභාවිකව ඇති වුණු ප්‍රතිශක්තියත් අඩපණ කිරීමට ‘එක්ස්.බී.බී.1.5’ ඔමික්‍රෝන් උප ප්‍රභේදය සමත් බව තහවුරු වී තිබේ.
(රොයිටර්)
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ඔමික්‍රෝන් උප ප්‍රභේදය බිහිසුණුයි