IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


’’ඔබතුමා අපේ පස්සෙන් එන්න’’

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ මොහොත වන විට පළාත් පාලන මැතිවරණය සඳහා කළුතරට ඇප මුදල් තැන්පත් කරගෙන යන අතර  "ඔබතුමා ඊට පිටිපස්සෙන් වැඩ කරගෙන යන්නැයි" අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමගි ජන බලවේගයේ කොළඹ  දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතාට පිළිතුරක් ලබා දෙමින් පාර්ලිමේන්තුවේදී පැවසීය.

 මුජිබුර් රහුමාන් මහතා පාර්ලිමේන්තුවේදී විමසූයේ පළාත් පාලන මැතිවරණයේ නාම යෝජනා කැඳවීම සඳහා දින නියම කර තිබෙන නමුත් පළාත් පාලන ආයතන කිසිවක් විසුරුවා හැර නැති බවයි.

පළාත් පාලන ආයතන විසුරුවන්නේ නැතිව ඡන්ද පවත්වන ප්‍රථම අවස්ථාව මෙය බවද රහුමාන් මහතා කීය.

ඊට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරයා පැවසූයේ පාලන ආයතනවල කාලය ගැන තීරණය කරන්නේ මැතිවරණ කොමිසම බවයි. සියලු පළාත් පාලන ආයතන වල කාලය මාර්තු 20 වැනි දා වන විට හමාර වන බවට වන ගැසට් නිවේදනයක් පමණක් දැනට තිබෙන බව කී අග්‍රාමාත්‍යවරයා මෙය මැතිවරණ කොමිසමට අයිති ප්‍රශ්නයක් බවද වෙනත් සැකයක් ඇති කර ගන්න අවශ්‍ය නැතැයි ද කීය.



අදහස් (0)

’’ඔබතුමා අපේ පස්සෙන් එන්න’’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 187 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 160 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site