IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ඔන්ලයින් පනත සම්මතයි

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)


මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත් කෙටුම්පත ( ඔන්ලයින් පනත)   වැඩි ඡන්ද 46 කින් පාර්ලිමේන්තුවේදී අද (24) සංශෝධන සහිතව සම්මතවිය.

පනතට පක්ෂව ඡන්ද 108ක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද 46ක් පමණි. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු පනතට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළහ.

පනතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේ සමග ජන බලවේගය, ජාතික ජන බලවේගය, දෙමළ ජාතික සන්ධානය සහ නිදහස ජනතා සභාව නියෝජනය කරන මන්ත්‍රීවරු වෙති.

රොෂාන් රණසිංහ මන්ත්‍රීවරයා පනත් කෙටුම්පතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේය. අලි සබ්‍රි රහීම්,වඩිවෙල් සුරේෂ්, ඩබ්ලිව් ඩී ජේ සෙනවිරත්න යන මන්ත්‍රීවරු පනතට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළහ.

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය තහවුරු කිරීම සහ සමාජ මාධ්‍ය නියාමනය කිරීම  සඳහා මෙම පනතෙන් විධිවිධාන සැලසේ. පනත් කෙටුම්පත අද(24) සහ ඊයේ (23) දින දෙකක් විවාදයට ගැනිණ.



අදහස් (11)

ඔන්ලයින් පනත සම්මතයි

මහසෙන් Wednesday, 24 January 2024 06:20 PM

මෙතැනින් එහාට...?

:       0       0

විපරමා Wednesday, 24 January 2024 06:28 PM

පාර්ලිමේන්තුවේ ඉන්න දූෂිත දේශපාලුවන්ගේ පිහිටෙන් ඔන්ලයින් පනත කොහොමටත් සම්මත වෙනවා. මුලුමහත් ජනතාවම දූෂිත ආණ්ඩුව ප්‍රතික්ෂේප කරලා හමාරයි. ජනතාව නිහඬ කරන්න මොන පණත් ගෙනාවත් බැරිවෙයි...

:       0       1

විජිත් Wednesday, 24 January 2024 07:07 PM

8 පාස්වත් නැති, ලෝකය තියෙන්නේ ශ්‍රී ලංකාව ඇතුලේ කියලා හිතන, තමන් ගැන මහාලොකුවට හිතන, එහෙත් මොලයේ කිසිවක් නැති, ශ්‍රී ලංකාව කියන දුපත බලෙන් පාලනය කරන, බලයට පත්වන්න පෙර රෑට රෑට කුකුල් හොරකමේ ගිය..., හොරපොල් කඩන්න ගස්බඩගාපු මිනීමරු හොර රංචුවක් විසින් සම්මත කරගත් මේ පනත... අනිවාර්යයෙන්ම ඔවුන් කරාම පාරාවළල්ලක් වගේ කැරකිලා එන්න අපි වැඩ සලස්සනවා... අනිවාර්යයෙන්ම... ඔය පනතට අත උස්සපු 108 දෙනාගේම ටෙලිෆෝන් වලට එන ඔක්කෝම ෆයිල්ස් අපි හැක් කරනවා. පුළුවන්නම් අල්ලා ගනිල්ලා. ඒ වගේම ගූගල්, මෙටා.. පමණක් නොවෙයි ඉන්ටර්නෙට් පවා ලංකාවට නොලැබී යන්නත් ඉඩතියෙනවා. (සිංගප්පුරුවේ ඉන්ටර්නෙට් කොන්සොර්ටියම් එකත් මේ පනතට සම්පුර්ණයෙන්ම විරුද්ධයි) ඒ වගේමයි.. ඡන්දෙන් පස්සේ පත්වන නව රජයට යෝජනාකර බළකොට සිටිනවා... මේ පනතට අත් ඔසවපු අමන මිනීමරු හොරු 108 දෙනා වෙනුවෙන් පමණක් මෙම පනත සම්පුර්ණයෙන්ම බල පවත්වන්න" කියලා...

:       0       2

Avishka Wednesday, 24 January 2024 07:24 PM

පට්ට හොරුන් 108 විසින් සම්මත කරගත් පනතක්. ඔය පනත ඕකුන් කරාම එනවා ස්ථිරයි.

:       0       2

ab Wednesday, 24 January 2024 09:36 PM

ජාත්‍යනතර ප්‍රමිතීන්ට අනුව ඔන්ලයින් පනත සකස්විය යුතුවේ සහ සමජමද්‍ය වෙත FB අදහස් දක්වන හෝ වෙත යොමුකරනාවූ අන්තර්ගතයේ වගකීම දැරීමට නොහැකි පුද්ගලයන් ඔන්ලයින් පනතට විරුද්දව අදහස් ප්‍රකාශ කලද ජාත්‍යනතර ප්‍රමිතීන්ට අනුව සකස්කළ ඔන්ලයින් පනතක් රටකට තිබිය යුතුවේ.

:       1       0

DHARMATILEKE Wednesday, 24 January 2024 10:42 PM

බයියලාට මොන ඕනලයින්ද

:       0       1

Perera Thursday, 25 January 2024 04:23 AM

මෙවැනි පනත් වලට පක්ෂව හැම චන්දයක්ම මුන් දෙන්නේ පනත දේශයට ,ජනතාවට යහපත්ද නැද්ද මත නෙමෙයි.තම තමන්ගේ ,පැවැත්ම උදෙසා

:       0       1

නිහාල් Thursday, 25 January 2024 04:30 AM

පක්ෂව ඡන්දය දුන්නු එකෙක්ට ආයේ මගේ ඡන්දය නෑ

:       0       1

ගුරුන්නාන්සේ Thursday, 25 January 2024 05:38 AM

ඔය පනතට අත උස්සපු උන් 108 දෙනාටත් උන්ගේ පවුල්වල උන්ටත් නැති ලෙඩ ඇතිවී ,නොවිඳිනා දුක්විද අවසානයේදී කුණුවී, පනුවෝ ගසා මැරේවා !!!

:       1       2

Nawa Thursday, 25 January 2024 09:17 AM

මහා බැංකුව සුද්ද කරපු එකා නායකත්වය සපයන රටක මිනිස්සුන්ගේ කටවල් වහල තියාගන්න වෙනවා තමයි ඉතින්. නමුත් මොනවා කලත් මිනිස්සු මේ හොරුන්ට පස්සට පයින් ගහල එලවන එක නතර කරන්න බැහැ පුතේ

:       0       3

Rata Perata Thursday, 25 January 2024 12:53 PM

මේකත් අර සනත් නිශාන්තගේ වැඩේ වගේ තමයි.දැල්ල නිමෙන්න යනකොට සෙල්ලම් වැඩී.ටිකක් ඉවසලා ඉන්න තව මාස කීපයකින් මේ ඔක්කොම ඉවරයි

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 138 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site