IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


‘ඔන්ලයින් පනත’ මර උඟුලක්

(යොහාන් භාසුර)
ඔන්ලයින් පනත හරහා ජනාධිපතිවරයා පත්කරන කොමිසම කුමන තීන්දුව දුන්නත් තීන්දුව ලැබුණු පාර්ශවයට කිසිඳු අධිකරණයකට ගොස් ඒ පිළිබඳව ප්‍රශ්න කිරීමේ අයිතියක් නොමැති බවත් මෙවැනි පනත් තුළ ඇති අනතුර තේරුම් ගතයුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා අද (1) පැවසීය.  
පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා නාවල පිහිටි නිදහස ජනතා සභා ප්‍රධාන කාර්යාලයේදී අද (1) පැවැති මාධ්‍ය හමුවෙව්දී එසේ පැවසීය.
ඔන්ලයින් පනත ඉදිරිපත් කළ අවස්ථාවේදී බුද්ධත්වය ආරෝපණය කරපු චරිත තුන හතරක් එකවර එළියට පැමිණි බවත් ඔන්ලයින් පනතේ ඇති අකාරුණිකභාවයන් වෙනුවට සමාජ සාකච්ඡාව පහළ වූ බුදුවරු කියාගන්නා උන්මත්තයන් දෙසට ගිය බවත් ඒ මහතා කීය.  
එවැනි තත්වයක් තිබියදී මේ පනත් සියල්ලම සම්මත කරගත් බව කී ඩලස් අලහප්පෙරුම මහතා මෙහිදී කොමිෂන් සභා ජනාධිපතිවරයා පත්කිරීමට පිළිගත නොහැකි බව ද වැඩි දුරටත් සඳහන් කළේය. 

 



අදහස් (4)

‘ඔන්ලයින් පනත’ මර උඟුලක්

Hector Perera Friday, 02 February 2024 12:46 AM

18 වෙනිදා ගැන මොකද කියන්නේ

:       0       0

abaran Friday, 02 February 2024 01:48 AM

අපේ රටේ ඉන්න සමහර අකාරුණික මෝඩ මිනිස්සු තව කෙනෙකුගේ පෞද්ගලිකත්වය කියල දෙයක් දන්නේම නැහැ. එකයි ඔහේ කිසි හෙවිල්ලක් නැතිව යූටියුබ් එකට කුණුහරුප වීඩියෝ මුදාහරින්නේ . මුණු පොතේ බොරු පතුරුවන්නේ. මේවට වර බඳින්න නම් මේවගේ අන් පනත් අවශ්‍යයි. නැති නම් අපේ ය හැදෙන්නේ නැහැ . ඔබටත් මෙය තේරේවි ඔබේ බිරිඳගේ හෝ සහෝදරියගේ මුහුණ වෙනත් අයෙකුගේ නිරුවතකට බඩ් කරලා යු ටියුබ් එකට දැම්මොත් . මේ පනතට විරුද්ධව වැඩියෙන්ම කෑ ගහන්නේ බොරුව පතුරුවලා එකෙන් දේශපාලන වාසි ගත්තු අයයි . පුහුල් හොර කරෙන් දැනේ

:       15       2

රට වැසියා Friday, 02 February 2024 11:54 AM

abaran ඔබ‍ගේ දැනුමේ තරම කොමෙන්ට් එකෙන් පැහැදිලියි, බයි මානසිකත්වයෙන් මිදෙමු! - මගේ මුහුණට නිරුවත් ශරීරයක් බද්ද කර ප්‍රසිද්ධ කලොත්, ඒ සඳහා ක්‍රියාත්මක ක්‍රියා කල හැකි නීති රටේ දැනට ඕන තරම් තිබේ! අතීතයේදි මේ වැනි දේට පවතින නීතිය යොදා ගත් අවස්ථා බොහෝ තිබේ! සොයා බලන්න - ලිං මැඩි මානිසිකත්වයෙන් මිදි, විචාරශිලි රට වැසියෙකු වන්න!

:       2       14

Bamunuarachchi Saturday, 03 February 2024 05:21 AM

ලොක්කා දැක්කා නේද ඔන්ලයින් වැරැදි 11 ඒවාට එහායින් ඔන්ලයින් නීති ක්‍රියාත්මක වුණොත් පමණක් කථා කරන්න. දැන් පැට්‍රල් පුච්චා ගන්න එපා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 152 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 952 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site