IMG-LOGO

ඒ.ටී.එම් කාඩ් උස්සා මුදල් සොරාගත් අයෙක් මාට්ටු

(ඉන්දිකා රාමනායක)

බංකු ඒ ටී එම් යන්ත්‍ර අසල සිට පුද්ගලයන් සතු  බැංකු කාඩ්  වංචනික ලෙස ලබාගෙන ඒවායෙන් රුපියල් ලක්ෂ ගණනින් මුදල් ලබාගත් සැකකරුවෙක් දොම්පේ ප්‍රදේශයේ දී  බම්බලපිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු  ව්‍යාජ බැංකු කාඩ්පත්  සකස්කරගෙන බැංකු  වල ඒ ටී එම්  යන්ත්‍ර අසල ගැවසෙන් බවත්, ඔහු ඒ ටී එම් යන්ත්‍රවලින් මුදල් ලබා ගැනීමට පුද්ගලයන් පැමිණීමේ දී කල්තියා කිසියම් උපකරණයක් යොදා යන්ත්‍රයේ මුදල් ගැනීම අවහිර කරන බවත්, මුදල් ලබා ගැනීමට පැමිණි පුද්ගලයාට මුදල් ලබා ගැනීමට නොහැකි වන අවස්ථාවේ සැකකරු ස්වේඡාවෙන්ම මුදල් ලබා ගැනීමට  සහය ලබ දෙන බවද පොලිසිය පවසයි.

කාඩ් හිමියාගෙන්  සැකකරු කාඩ්පත හා රහස් අංකය ලබාගෙන ඔහු ඉදිරියේම මුදල් ලබා ගැනීමට  උත්සහ ගන්නා බවත්, පසුව යන්ත්‍රය ක්‍රියා විරහිත ඇති නිසා මුදල් ලබා  ගැනීමට නොහැකි බව පවසා සැකකරු  එම පුද්ගලයාගේ කාඩ්පත වංචනික ලෙස සඟවාගෙන, සැකකරු විසින් සඟවාගෙන සිටින ව්‍යාජ කාඩ්පතක්  කාඩ්හිමියා වෙත ලබා දෙන බවද පොලිසිය පවසයි.

කාඩ් හිමියාගේ කාඩ්පත වංචා කිරීමෙන් පසු  ඔහු වෙනත් බැංකුවක් වෙත ගොස් කාඩ් හිමියාගෙන් කාඩ්පත සහ රහස් අංකය උපයෝගි කරගෙන වංචනික ලෙසට මුදල් ලබා ගන්නා බවද පොලිසිය පවසයි.

මේ ආකාරයෙන් සැකකරු සිදුකළ ලක්ෂ 4 ක  වංචාවන් සම්බන්ධයෙන් බම්බලපිටිය පොලිසියට ලද පැමිණිල්ලකට අනුව  සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු සන්තයේ තිබී  ව්‍යාජ ඒ ටී එම් කාඩ් 10 ක් පොලිසිය බාරයට ගෙන ඇත.



අදහස් (0)

ඒ.ටී.එම් කාඩ් උස්සා මුදල් සොරාගත් අයෙක් මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 546 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 328 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 492 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site