
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ඒ. ටි. එම්. කුටි තුළ රැඳී සිටිමින් විවිධ පුද්ගලයන් මුලාකර ඔවුන්ගේ ඒ. ටී.එම් කාඩ්පත උපක්‍රමශීලීව සොරා ගෙන රුපියල් ලක්ෂ පනහකට (50 )කට අධික මුදලක් වංචාකාරී ලෙස ලබාගත් පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කඩුවෙල පොලිසිය කියයි.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු සන්තකයේ විවිධ පුද්ගලයන්ට හිමි බැංකු 8කට අයත් කාඩ්පත් තිබී පොලිසිය බාරයට ගෙන ඇත.
සැකකරු කඩුවෙල රාජ්‍ය බැංකුවක් අසල රැදී සිටිමින් අවස්ථා 40 පමණ පුද්ගලයන් මුලාකර රුපියල් විසි ලක්ෂයකට ආසන්න මුදලක් වංචා වංචාකාරී ලෙස ලබාගෙන ඇති බව පොලිසිය කියයි.
සැකකරු ඒ අයුරින් මාලඹේ සහ බියගම ප්‍රදේශවල ද පෞද්ගලික සහ රාජ්‍ය බැංකු ඒ.ටී.එම් කුටි තුළ රැඳී සිටිමින් මුදල් වංචා කළ බවට පැමිණිලි රැසක් එම පොලිසිවලට ලැබී ඇතැයි සිදු කළ දීර්ඝ විමර්ශනය වැනි දී අනාවරණය වී ඇත.
සැකකරු එම සෑම සොරකමක් ම සිදු කර ඇත්තේ ජංගම දුරකතනයෙන් ඇමැතුමක් ලබා ගන්නා ආකාරයෙන් ඒ.ටී.එම් කුටිය තුල රැඳී සිටිමින් බව පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
370
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
222
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1014
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඒ.ටී.එම්වලින් ලක්ෂ 50ක් අද්ද තරුණයෙක් මාට්ටු
APerera Monday, 12 September 2022 09:44 AM
ඔය වගේ සල්ලි කෝටි ප්‍රකෝටි ගනන් හොරකං කරලා නිදැල්ලේ ඉන්න දේශපාලුවොත් අල්ලන්නකෝ....
චමින්ද Monday, 12 September 2022 12:47 PM
ATM කුටියේ කෙනෙක් ඉන්නවා නම් වෙනත් කෙනෙක් ඇතුලට යන්නෙ ඇයි.යනවා නම් ඉන්න කෙනාට එඑළියට යන්න කියන්න නැත්නම් බැංකුවට කියන්න