IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


ඒකාබද්ධ විපක්ෂයට ඕනෑ පැණි කන්නයි

(ප්‍රින්ස් රත්නායක)

ඒකාබද්ධයට ආණ්ඩුව පෙරළීමට අවශ්‍යව ඇත්තේ ජනතාවට යහපතක් කිරීමට නොව තමන්ට පැණි කෑමට බවත්, අවුරුදු 20 කට කිරීමට නොහැකි වූ කටයුතු පසුගිය වසර තුනහමාරක කාලය තුළ අගමැතිතුමාගේ නායකත්වයෙන් තම පක්ෂය කළ බවත් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය පැවසීය.                                   

තලතා අතුකෝරළ මහත්මිය මෙම අදහස් පළ කළේ අද (14) පෙරවරුවේ රත්නපුර ප්‍රදේශයේ පැවති උත්සවකින් අනතුරුව මාධ්‍යවේදියෙකු යොමු කළ ප්‍රශ්නයට පිළිතුරු දෙමිනි.                                            

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරිය මෙසේ ද සඳහන් කළාය.                                  

“පොහොට්ටුව කියා ගන්නා ඒකාබද්ධ විපක්ෂයේ හිටපු ඇමතිවරියක් කියලා තිබුණා පසුගිය දවසක මේ ආණ්ඩුව පැණි කන්නේ තව දවස් ගණනාවයි කියලා. හැබැයි ජනතාව දන්නවා මේ හොර නඩය නැවත බලයට එන්න උත්සාහ කරන්නේ මේ රටේ ජනතාවට යහපතක් කරන්න නෙමෙයි තමන්ගේ පෞද්ගලික අවශ්‍යතා ඉටු කර ගනිමින් තමන්ට පැණි කන්න විතරයි කියලා. ඒ ගොල්ලන්ගේ ඉතිහාසයේම කරලා තියෙන්නේ රාජපක්ෂ ඇතුළු හොර නඩයේ පැණි ගොට්ටේ රස බලපු එක විතරයි. මට කියන්න තියෙන්නේ පැණිවල රස දන්න නිසා මොවුන්ට ආණ්ඩු බලය නැතිව ඉන්න බැහැ. දුප්පතා වෙනුවෙන් නෙවෙයි මේ අය වැඩ කළේ රාජපක්ෂ පරම්පරාවට විතරයි.                            

ඔය කියන පොහොට්ටුවේ අයට මම කියන්නේ 1994 ඉදලා 2014 ට සාපේක්ෂව අවුරුදු 20 ක කාලයක් කරන්න බැරිවුණු වැඩ කොටසක් පසුගිය කාලය තුළ අපි කලා. මේ අයට ලොකු අභියෝගයක් වෙලා තියෙනවා අපේ අග්‍රාමාත්‍යතුමාත් සජිත් ප්‍රේමදාස ඇමතිතුමාත්. ඒ නිසා චෝදනා කරනවා. විවිධ කුමන්ත්‍රණ කරනවා. මේ අයට රාජපක්ෂ වරුන්ගෙන් හැර වෙන විකල්පයක් නැහැ වෙන නායකයෙකුත් නැහැ .ඒ නිසා තමයි මෙච්චර කෑ ගහන්නේ. බලයේ හිටිය කාලයේදී ඔය කෑ ගහන අයගෙන් මට අහන්න තියෙන්නේ මොනවාද කළේ කියලා”                 

     



අදහස් (0)

ඒකාබද්ධ විපක්ෂයට ඕනෑ පැණි කන්නයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 427 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16829 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 652 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site