IMG-LOGO

2025 නොවැම්බර් මස 03 වන සඳුදා


ඒඅයි තර්ජනයක් ගැන ලංකාවෙන් පැමිණිල්ලක්

(සුජිත් හේවාජුලිගේ)

කෘතිම බුද්ධියේ බලයෙන් ජනතාවගේ යම් ඕනෑම තොරතුරක් ලබා ගන්නේ නම් එම තොරතුරු ආරක්ෂා කිරීමේ දැඩි අභියෝගයක් මතුවී ඇතැයි ආසියානු පැසිෆික් කලාපයේ නීතිඥ සම්මේලනයේ (LAWASIA) සන්නිවේදන, දත්ත ආරක්ෂණ සහ තාක්ෂණ කමිටු සභාපති, ආචාර්ය  නීතිඥ සුනිල් ඩී.බී. අබේරත්න ප්‍රකාශ කළේය.

ඔහු  මේ අදහස් පළ කළේ  LAWASIA සන්නිවේදන, තාක්ෂණ සහ දත්ත ආරක්ෂණ කමිටුව විසින් ජපානයේ සංවිධානය කෙරුණු   සමුළුවේදීය.

මෙම සමුළුවට ජපානයේ සංසන්දනාත්මක නීති ආයතනය සහ ජපාන නීතිඥ සංගම් සම්මේලනය (JFBA) මෙන්ම චුඕ විශ්ව විද්‍යාලය,අනුග්‍රහය දක්වන LAWASIA දත්ත ආරක්ෂණ වැඩමුළුවට රටවල් 38ක නීති, අධ්‍යාපන සහ පර්යේෂණ ක්ෂේත්‍ර වල විද්වත්හු සහභාගීවී සිටියහ.

සමුළුව ඇමතූ ආචාර්ය අබේරත්න මහතා ශ්‍රී ලංකාවේ දත්ත ආරක්ෂා කිරීමේ පනත ක්‍රියාත්මක කිරීම සහ දත්ත ආරක්ෂා කිරීමේ අභියෝගය පැහැදිලි කරමින් කියා සිටියේ තව දුරටත් ප්‍රමාද නොවී කඩිනමින් ඒ කෙරෙහි දැඩි අවධානයක් යොමු කිරීම අත්‍යවශ්‍ය බවය.  මේ වන විටත් ජපානය, දකුණු කොරියාව, චීනය ආදී රටවල් කෘතිම බුද්ධිය මගින් ලබා ගන්නා තොරතුරුවල රහස්‍ය භාවය ආරක්ෂා කිරිම සඳහා ගත  යුතු නීතිමය ක්‍රියාමාර්ග සම්පාදනය කර  ක්‍රියාත්මක කර  තිබෙනවා. අප ඒ මට්ටමට ළගාවීමට කඩිනමින් කටයුතු කළ යුතු යැයි අබේරත්න  මහතා අවධාරණය කළේය.

මෙම වැඩමුළුව සඳහා ලොව පුරා සිටින චින්තන නායකයින්, කර්මාන්ත විශේෂඥයින් සහ උද්‍යෝගිමත් උපදේශකයින් කැඳවනු ලබන අතර ඔවුහු  වැඩි වැඩියෙන් ඩිජිටල්කරණය වන ලෝකයක පුද්ගලික තොරතුරු ආරක්ෂා කිරීම සඳහා පොදු කැපවීමක් ඇති පිරිසක් වූහ.

සුනිල් අබේරත්න මහතා මෙසේද පැවසීය

සැමට තම තොරතුරුවල රහස්‍ය භාවය ආරක්ෂිතව තබා ගත යුතුයි. එය ඩිජිටල් පරිසරයක පවා පෝෂණය කිරීම ඉතා වැදගත්. මේ වැඩමුළුව හරහා අපගේ මේ සාමූහික උත්සාහය එවැනි තැනකට මෙය ගෙන ඒමයි. එම නිසා තමයි මේ වැඩමුළුව අතරතුර ඔබගේ ක්‍රියාකාරී සහභාගීත්වය අත්‍යවශ්‍ය වන්නේ.

නීතිඥ රමණි මුත්තෙට්ටුවේගම, නීතිඥ වී.කුරේ යන අයද ශ්‍රී ලංකාව වෙනුවෙන් සමුළුව ඇමතූහ.

 



අදහස් (0)

ඒඅයි තර්ජනයක් ගැන ලංකාවෙන් පැමිණිල්ලක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1919 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1528 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 535 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site