IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


එ.ජා මානව හිමිකම් මහ කොමසාරිස් අධිකරණ ඇමති හමුවක්

(අංජුල මහික වීරරත්න)

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් (Volker Türk) මහතා සහ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා අතර හමුවක් අද පස්වරුවේ ( 24) කොළඹදී පැවැත්විණි.

අග්‍රවිනිශ්චයකාර ජනාධිපති නීතිඥ මුර්දු ප්‍රනාන්දු, නීතිපති ජනාධිපති නීතිඥ පාරින්ද රණසිංහ සහ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ නෙරින් පුල්ලේ, ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නිත්‍ය සම්බන්ධීකාරක Marc-André Franche මහත්ම මහත්මීහු  සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිලධාරී පිරිසක්ද මෙම අවස්ථාවට එක් වූහ.



අදහස් (3)

එ.ජා මානව හිමිකම් මහ කොමසාරිස් අධිකරණ ඇමති හමුවක්

මාලමාපෙන්දා Tuesday, 24 June 2025 05:17 PM

කොටින්ට ගැහුව එකට සමාව ගත්තාද දන්නේ නෑ. එහෙව් ආකල්ප තියෙන්නේ ගැත්තන්ට. ඒවා දැනගෙන තමයි ඔය මැදපෙරදිගට උඩන් අපේ රටට මානව හිමිකම් බලන්න කට්ටිය එන්නේ. නිවටයා දුටුවම එළුවත් රැවුල පානවා කිව්වාලු...

:       6       2

සුදු ඇඳගෙන කලු ඇවිදින් Tuesday, 24 June 2025 06:32 PM

ඇමරිකාව හා ඊශ්‍රායලය මානව හිමිකම් සහ ජාත්‍යන්තර නීති උල්ලංඝනය කරමින් ඉරානයට පහරදීම් වගේම ගාසා තීරයේ බඩගින්නට කෑම සොයා ගිය සිවිල් වැසියන් ඝාතනය කිරීමට වගකිවයුතු ඊශ්‍රායල් හමුදා නායකයින් නම් කරලා ලිස්ට් එකක් හදලා ඊට පස්සේ අපේ රටේ ප්‍රශ්න ගැන කරමු කියලා කියන්න කොන්ද පණ තියෙන නායකයෙක් දැන් නැහැනේ...

:       6       3

de silva Wednesday, 25 June 2025 10:20 AM

සෞඛ්‍ය ඇමතිතුමා , හම්බන්තොටත් විශාල රෝහල් සංකීර්ණයක් තිබෙනවා නමුත් ,ඒකේ බෙහෙත් සහ දොස්තර හිඟයක් තිබෙනවා විශාල වියදමක් දරල තම්බුතේගම තට්ටු 6 රෝහලක් අලුතෙන් හදන්න ඉස්සරවෙලා , දැනට තිබෙන රෝහල් වලට අවශ්‍ය බෙහෙත් ටික අරගෙන දෙන්න , බිල්ඩින් තිබුනට පමණක් මදි , රෝගීන්ට ප්‍රතිකාර කරන්න දොස්තර වරු සහ බෙහෙත් අවශ්‍ය වෙනවා , කරුණාකර රජයේ විශ්ව විද්‍යාල වලින් පුහුණු කරන වෛද්‍ය වරු ප්‍රමානය දෙගුණ කරන්න , එහෙම කරන්න රජයට මුදල් නැතිනම් නිසි නියාමනයක් යටතේ පුද්ගලික වෛද්‍ය විද්‍යාල විවෘත කරන්න කටයුතු කරන්න ,

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 520 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2252 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1683 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site