IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


එ.ජා.ප.යේ උද්ඝෝෂණයක් හොරොව්පොතානේ

( පැතුම් දර්ශන)

රටේ ජනතාවගේ ජීවන බර දිනෙන් දින ඉහළ යාමත් ඒ සම්බන්ධයෙන් ආණ්ඩුව මුනිවත රකින බවත් පවසමින් ඊට විරෝධය දක්වා එක්සත් ජාතික පක්ෂය සංවිධානය කළ විරෝධතාවක් අද(15)දහවල් හොරොව්පොතාන නගරයේදී පැවැත්විණි.

එක්සත් ජාතික පක්ෂයේ හොරොව්පොතාන ආසන සංවිධායක ඩේරියන්ස් ද සාකෝ මහතා ඇතුළු එක්සත් ජාතික පාක්ෂිකයන් විසින් මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබුණ අතර ඒ සඳහා විශාල පිරිසක් ද එක්ව සිටියහ .

හොරොව්පොතාන මහජන බැංකුව අසලින් උද්ඝෝෂණය ආරම්භ කළ උද්ඝෝෂකයෝ පා ගමනින් හොරොව්පොතාන බස් නැවතුම්පළ ඉදිරිපිටට පැමිණ විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් උද්ඝෝෂණය නිරත වුහ.

විරෝධතාවය ආරම්කොට පැයක පමණ කාලයක් සාමකාමීව උද්ඝෝෂණය කළ උද්ඝෝෂකයෝ පසුව මාධ්‍ය වෙත සිය අදහස් පළ කිරීමෙන් පසු විසිර ගියහ.



අදහස් (0)

එ.ජා.ප.යේ උද්ඝෝෂණයක් හොරොව්පොතානේ

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31013 37


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13145 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10941 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 13 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 871 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 258 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site