(තිළිණි ද සිල්වා)
ශ්‍රී ලංකාවේ දින 12ක නිල සංචාරයක් සඳහා ආගම හෝ විශ්වාස කිරීමේ නිදහස පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත අහමඩ් ෂාහිඩ් මහතා අද (15) දිවයිනට පැමිණියේය.
ආගම හෝ විශ්වාසය පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතවරයා ලබන 26 වැනිදා දක්වා මෙරට නිල රැඳී සිටින අතර එම කාලය තුළ වත්මන් රජයේ නිලධාරීන්, ආගමික හෝ විශ්වාසය කිරීමේ ප‍්‍රජාවන්ගේ නියෝජිතයන්, සිවිල් සමාජ සංවිධාන සහ මෙරට සිටින එක්සත් ජාතීන්ගේ නේවාසික නියෝජිතයින් ද හමුවනු ඇත. තවද හෙතෙම කොළඹින් බැහැර ප‍්‍රදේශවල ද සංචාරය කරනු ඇතැයි මෙරට එක්සත් ජාතීන්ගේ කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතවරයා 2005 දී ආගම හෝ විශ්වාසය පිළිබඳ එක්සත් ජාතීන්ගේ හිටපු විශේෂ වාර්තාකරු අස්මා ජහන්ගීර් ගේ සංචාරයේ දී ඉදිරිපත් කරන ලද නිර්දේශ කි‍්‍රයාත්මක කිරීමේ දී අත්කර ගෙන ඇති ප‍්‍රගතිය ගැන විමසා බලනු ඇතැයි එම කාර්යාලය සිටී.
ශ‍්‍රී ලංකාවේ සියලුදෙනාම ආගම හෝ විශ්වාසය පිළිබඳ නිදහස භුක්ති වීඳීමේ දී පවතින සහ මතුවන බාධක හඳුනා ගැනීමට අරමුණු කරන ඔහු එවැනි බාධක ජයගැනීම ඉලක්ක කර ගත් නිර්දේශ ද ඉදිරිපත් කරනු ඇත.
හෙතෙම තම නිගමන සහ නිර්දේශ ඇතුළත් වාර්තාව 2020 මාර්තු ජිනීවා හී පැවැත්වෙන මානව අයිතිවාසිකම් කවුන්සලයට ඉදිරිපත් කරනු ඇත.
අහමඞ් ෂාහිඞ් මහතා මානව අයිතිවාසිකම් කවුන්සලය විසින් 2016 දී ආගම හෝ විශ්වාසයේ නිදහස පිළිබඳ විශේෂ නියෝජිත වශයෙන් පත් කරන ලදී.
එක්සත් රාජධානියේ එසෙක්ස් විශ්ව විද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරයකු වන ෂාහිඩ් මහතා මාලදිවයින ජනාධිපති දූෂණ විමර්ශන කොමිසමේ හිටපු සාමාජිකයකු මෙන්ම මාලදිවයින් ජනාධිපතිවරයගේ විදේශ ප‍්‍රතිපත්ති පිළිබඳ උපදේශකයෙක්ද ද වූයේය.
ඔහු 2005 සිට 2007දක්වා සහ 2008 සිට 2010 දක්වා මාලදිවයින් විදේශ ඇමැතිවරයා ද වූයේය. ඔහු තම රට අන්තර්ජාතික මානව අයිතිවාසිකම් සන්ධාන නමයම අත්සන් කර අපරානුමත කිරීමටත් ඒවා නීතිය සහ භාවිතාවේ දී කි‍්‍රයාත්මක කිරීමටත් මෙහෙය වූයේය. ෂාහිඩ් මහතා ඉරානයේ මානව අයිතිවාසිකම් තත්වය පිළිබඳ හිටපු විශේෂ වාර්තාකරු වශයෙන් ද සේවය කළේය.
2025 නොවැම්බර් මස 21
110
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
195
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1057
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
එ.ජා. නියෝජිත අහමඩ් ෂාහිඩ් දිවයිනට