IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


එළවළු මිල පාරිභෝගිකයාට ඔරොත්තු නොදෙයි

(නිමල කොඩිතුවක්කු)

වෙළඳපොළේ එළවලු මිල ගණන් දරාගත නොහැකි ලෙස ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති.

ඒ අනුව බොංචි, කැරට්, තක්කාලි, දෙහි, අමුමිරිස් මිල ගණන් සැලකිය යුතු අගයකින් ඉහළ ගොස් ඇතැයි ඔව්හු සඳහන් කරති.

නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ බොංචි කිලෝවක් රුපියල් 440 කටත්, කැරට් කිලෝවක් රුපියල් 480 කටත්, ගෝවා කිලෝවක් රුපියල් 380 කටත්, තක්කාලි කිලෝවක් රුපියල් 320 කටත්, වම්බටු කිලෝවක් රුපියල් 400 කටත්, දේශීය අල කිලෝවක් 480 කටත්, දෙහි කිලෝවක් රුපියල් 1000 කටත්, අමුමිරිස් කිලෝව රුපියල් 800 කටත් අලෙවි වන බව පාරිභෝගිකයෝ කියති.

සාමාන්‍ය වෙළඳපොළේ බොංචි කිලෝවක් රුපියල් 450ත් 500 කටත්, කැරට් කිලෝවක් රුපියල් 500ත් 600ත් අතර මිළකටත්, ගෝවා කිලෝවක් රුපියල් 420 කටත්, තක්කාලි කිලෝවක් රුපියල් 350 කටත්, මාලු මිරිස් කිලෝවක් රුපියල් 750 කටත්, වම්බටු කිලෝව 480 කටත්, බණ්ඩක්කා කිලෝව රුපියල් 340 කටත්, මුරුංගා කිලෝව රුපියල් 900 කටත්, කරිවිල කිලෝව 860 කටත්, දෙහි කිලෝවක් රුපියල් 1100 කටත්, අමුමිරිස් කිලෝව රුපියල් 900 කටත් අලෙවි වන බව පාරිභෝගිකයෝ කියති.

 



අදහස් (4)

එළවළු මිල පාරිභෝගිකයාට ඔරොත්තු නොදෙයි

Ratavasiya Thursday, 17 August 2023 11:22 PM

නාරාහේන්පිට ආර්ථිකයෙ එලවලු , පලතුරු ,අල, ලුූනු , සුපිරි වෙලදසැල්වලට වඩා මිල වැඩියි, හාල් විතරයි මිල අඩු , කිසිම මිල සැසදිමක් නැතුව මිනිස්සු කියන ගනන් වලටම ගන්නව. මම දින දෙකකට පෙර බඩු ගන්න නාරාහේන්පිට ආර්ථිකයට ගියා , ආර්ථිකයෙ. කි.1 සුපිරි වෙලදසැල්වල රට ලුූනු රැ.180 රැ.160 තක්කාලි රැ.350 රැ.220 දෙහි. රැ.800. රැ. 600. TJ. අඹ රැ.800 රැ. 650. මෙි කිපයක් .අපේ රටේ බොහෝ දෙනෙක් ආර්තිකයෙ මිල අඩුයි කියල වැරදි මතයක ඉන්නෙ .

:       0       3

Muthu Friday, 18 August 2023 06:32 AM

ඒකට කමක් නෑ. උද්ධමනයෙන් චුට්ටක් එක්ක බත් කන්න. ලංකාවේ උද්ධමනය සෑහෙන්න අඩු වෙලා.

:       1       9

Syril Friday, 18 August 2023 11:22 AM

ඩන් ඔවට හුරු වෙන්න ඔව්න හම ඩම එකම තන ඉන්න බ. ඇඩු වෙලා තියෙන උද්ධමනය අඩුම අඩු බැංකු පොලිය ඇසට නොපෙනෙන සංචාරකයින්, එවගෙ කිහිපයක්. රටක් වෙගයෙන් සංවර් ධනය වෙනව කියන්නෙ එකයි, හැම දේම පරන විදි වලට වෙන්නෙ නෑ 2048 වෙකකොට අපි ඉන්න තැන බලා ගන්න පුලුවන් වේ ඔයාලට.

:       0       0

des Friday, 18 August 2023 04:31 PM

උද්දමනය 6%ට අඩුවෙලාලු නේද?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 376 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 223 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1017 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site