(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
දකුණු පළාතේ අධිකරණයක දිසා විනිසුරුවරයකු උප පොලිස් පරීක්ෂක මස්සිනා ගේ නිවෙසට සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් නෑගම් ගිය අවස්ථාවක දෙමස්සිනාලා අතර ඇතිවී යැයි කියන ආරවුලක දී දිසා විනිසුරුවරයාගේ බිරිඳ කම්පනයට පත්ව රෝගාතුරුව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇතැයි අක්මීමන පොලිසිය සඳහන් කරයි.
මෙම විනිසුරුවරයා විවාහ වී ඇත්තේ උප පොලිස් පරීක්ෂකවරයකුගේ සහෝදරියක සමගය.
උප පොලිස් පරීක්ෂකවරයා බස්නාහිර පළාතේ පොලිසියක රාජකාරි කරන්නකු බවත් පොලිසිය කියයි.
දිසා විනිසුරුවරයා බිරිඳ සමග සිංහල අලුත් අවුරුද්ද උදාවූ ඉකුත් දහතුන් වැනිදා මස්සිනාගේ නිවෙසට සුරතලයට ඇති කරන බළලා ද රැගෙන නෑගම් ගොස් ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
පසු දින එනම් 14 වැනිදා රාත්‍රි කාලයේ විනිසුරුවරයා සහ බිරිඳ යළි නිවෙසට යාමට සූදානම් වූ අවස්ථාවේ ඔවුන් රැගෙන ආ සුරතල් බළලා නිවසේ සිට නොමැති අතර
මේ සම්බන්ධයෙන් දෙමස්සිනාලා අතර බහින් බස්වීමක් සිදුවී ඇතැයි කියති.
මේ අවස්ථාවේ උප පොලිස් පරීක්ෂක මස්සිනා පරුෂ වචනයෙන් බැණ වැදී තර්ජනය කර කනට පහරක් ගැසූ බව කියමින් විනිසුරු මස්සිනා ඒ මොහොතේම පොලිසියට පැමිණිලි කර ඇතැයි අක්මීමන පොලිසිය සදහන් කරයි.
අක්මීමන පොලිසියේ පොලිස් පරීක්ෂකවරයකු ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් එම නිවෙසට පැමිණ මෙම සිද්ධියට අදාළව විනිසුරුවරයාගෙන් ප්‍රකාශයක් ලබා ගනිමින් සිටි අතරවාරයේ විනිසුරුවරයාගේ බිරිඳ (උප පොලිස් පරීක්ෂකවරයාගේ සහෝදරිය) කම්පන තත්ත්වයකට පත්ව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් ඇතැයි පොලිසිය සඳහන් කරයි.
විනිසුරුවරයාට බැණ වැදී තර්ජනය කර කනට පහරක් ගැසුවේයැයි කියන උප පොලිස් පරීක්ෂකවරයා අක්මීමන පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ අතර ඔහු ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඊයේ ඇප මත මුදා හරින ලදැයි පොලිසිය කීය.
මෙම සිද්ධියට මුල්වූ බළලා පසුව විනිසුරුවරයාගේ මෝටර් රථයේ සිටියදී හමුවී යැයි අනාවරණය විය.
2025 දෙසැම්බර් මස 18
408
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
236
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1024
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
එස්.අයි.මස්සිනා විනිසුරුට පහරදීලා
ඉක්මන් කොටයි Wednesday, 17 April 2024 06:01 AM
කාටද කොරොස් කටෙත් අත දාන්න බැරිවෙලා තියෙන්නෙ කියලා හිතුවොත් සාධාරණයි. බළලා නීච සතෙක් කියලා පිළිගැනීමක් තියෙනවා. එම සත්වයා නිසා මම හිතන ආකාරයට විනිසුරුට බිරිඳ නැතිවුණා .විනිසුරු බිරිඳගේ සහෝදරයාට හිරේ විලංගුවේ වැටෙන්න පුළුවන්
Lalla Wednesday, 17 April 2024 07:11 AM
මටත් ඔය වගේම සිද්ධියක් වුනා. සහෝදරිය සුරතල් බලු පැටියා රැගෙන ආවා.පසුව යන්න සූදානම්ව සොයන විට ඌ නැතිවෙලා. නිවසට පැමිණි මාලු වෙළෙන්දා ඌ ගෙනගොස් ඇති බව කියමින් සොහොයුරිය අඬන්න පටන්ගත්ත. කොහොම හරි මේ විකාරය නවතගෙන යන්න සූදානම්ව රථයට ස්ටාට් කල විගසම බල්ලා ඒකෙ යට ටයරයකට හේත්තුවී නිදාගෙන ඉන්නව දැක්ක. සුරතල් සතුන් ගෙන නෑදෑ ගෙවල්වල යාම නවත්තන්න ඕන. මහ කරදරයක්....
Nihal Wednesday, 17 April 2024 07:47 AM
බුද්ධි මත් ජනතාව
Prabha Wednesday, 17 April 2024 11:35 AM
මස්සිනාගේ විනිසුරු ලොකුකම් රාළහාමිට දිරවන්නේ නැතිව ඇති...
පබාWednesday, 17 April 2024 09:26 PM
නෑ නෑ දෙන්නම තමන්ගෙ රාජකාරි තනතුරු ගෙදර ගෙනාවට අමතරව නෑදෑ ගෙවල්වල ගෙනයන්න ගත්තම ඔහොම වෙනවා නැත්නම් තමතමන් මැරුණ වෙලාවෙ මිනිය ගෙනයන්න සිටින අයම කොහෙවත් සිටින පූසෙක් නිසා නැතිකර ගන්නවා කියන්නෙ කොපමණ මෝඩ වැඩක්ද
සුරංජන් Wednesday, 17 April 2024 12:27 PM
මේක දෙමස්සිනාලා අතර වැඩිදුර නොසොයා කලබල වීමෙන් ඇතිවූ අක්කාගේ මල්ලිගේ පවුල් දෙකේ පිරිමි දෙදෙනාගේ ගැටුමක් මිස එස්.අයි කෙනෙක් විනිසුරුට පහර දීමක් හැටියට සලකන්න බැහැ.