(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
පානදුර පින්වත්ත පොලිසියට අනියුක්ත උප පොලිස් පරීක්ෂකවරයෙකුගේ රුපියල් 81000ක අඩංගු මුදල් පසුම්බිය සොරාගත් පුද්ගලයා දින හතරක් තුළ දී වල්ගම සුසාන භූමිය අසල දී අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලීසිය කියයි.
සැකකරු සන්තකයේ තිබී හොරයින් මත්කුඩු ග්‍රෑම් දෙකයි මිලි ග්‍රෑම් දෙසීයක් ,සොරා ගත් මුදලින් රුපියල් තිස් එක් දහසක් , සොරා ගත් මුදල් පසුම්බිය මෙන්ම සොරකම සඳහා යොදාගත් පාපැදිය ද සොයා ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.
උප පොලිස් පරීක්ෂකවරයා රැකියාව නිමවා නිවසට යමින් සිටියදී නිවසේ අවශ්‍යතාවයකට රයිගම ප්‍රදේශයේ වෙළෙඳ සලක් අසල තම කැබ් රථය නවතා වෙළඳසැලට ගොස් යළි කැබ් රථය වෙත පැමිණීමේ දී ඒ තිබූ මුදල් පසුම්බිය අස්ථානගත වී තිබිණි .
ඒ සම්බන්ධයෙන් වහා ක්‍රියාත්මක වූ උප පොලිස් පරීක්ෂකවරයා වෙළඳසැලේ සහ ඊට ආසන්න වෙළඳසැලක සි සි.ටි වි කැමරා දර්ශන පරීක්ෂා කිරීමේදී පාපැදියකින් ඒ ආසන්නයේ ගැවසෙන පුද්ගලයකු පාපැදියෙන් බැස පැමිණ රථය තුළ තිබූ මුදල් පසුම්බිය සොරා ගන්නා අයුරු සටහන්ව තිබූ බව පොලිසිය කියයි.
අදාල උප පොලිස් පරීක්ෂකවරයා බණ්ඩාරගම පොලිසියට කරන ලද පැමිණිල්ලකින් අනතුරුව බස්නාහිර පළාත් බුද්ධි අංශයේ පොලිස් කොස්තාපල් 88934 කරුණාජීව මහතා ලබා දුන් තොරතුරක් අනුව සැකකරු පා පැදියෙන් යමින් සිටියදී අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි .
අත්අඩංගුවට ගත් සැකකරු ගංජා සහ හොරෙන් මත්කුඩු පානයට තදින්ම ඇබ්බැහි වූවකු වන අතර මීට පෙර අවස්ථා කිහිපයකදී ගංජා සමග පොලිස් අත්අඩංගුවට පත් වූවෙකු බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු පානදුර පිංවත්ත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 35ක පුද්ගලයෙකි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
එස්.අයි.ගේ මුදල් පසුම්බියට විද්ද හොරා මාට්ටු
de silva Tuesday, 14 December 2021 02:58 PM
රුපියල් 81000 ක් සාක්කුවේ දමාගෙන කැබ් රථයෙන් වැඩට යන්න මූලික වැටුප රුපියල් 50000 ක් පමණ ලබන උප පොලිස් පරීක්ෂක කෙනෙක් ගැන ඇහුවම මොකද සිතෙන්නේ?